(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලයෙන් අළෙවි වූ බාලවයස්කාර දැරිය භාවිත කළ ජංගම දුරකතනයේ සහ දැරිය තැරැව් කළැයි කියන ප‍්‍රධාන සැකකාර ‘රජීව් ජයනාත්’ නමැත්තාගේ ජංගම දුරකතනයේ වසරක කාලයකට අදාළ ‘‘කුළුණු වාර්තා’’ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය වෙත අද බාර දෙනු ලැබීය.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් දුරකතන සමාගම් කිහිපයකින් ලබා ගත් මෙම විශ්ලේෂණ වාර්තා ගොනු දෙකක් වශයෙන් අද අධිකරණයට භාරදෙනු ලැබුවේය.
ඉකුත් ජුනි මස 01 වැනිදා සිට 2021 ජුනි මස 19 වැනිදා අතර කාලය තුළදී වින්දිත දැරියගේ සහ රජීව් ජයනාත් යන අයගේ ජංගම දුරකතනවලට පැමිණී සහ එයින් පිටවූ සියලූ දුරකතන ඇමතුම්වලට අදාළව මෙම විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් වී තිබිණී.
ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය, එහි ස්ථානාධිපති මනෝජ් රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වාර්තා ලබාදීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම සිද්ධියට අදාළ වින්දිත බාලවයස්කාර දැරියගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් දත්ත මත මේ වන විට ළමා හා කාත්නා කාර්යාංශය සැකකරුවන් 41 දෙනකු පමණ අත්අඩගංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දැරිය විකිණූ තැරැව්කරුගේ දුරකතන වාර්තා අධිකරණයට
Ruhunu Thursday, 15 July 2021 12:19 AM
ගල් ගසා මැරිය යුතුයි.