IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දළදා මාළිගාවේ ඉඩමක නිධන් හාරති

(කාංචන කුමාර ආරියදාස)
 
දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ  ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට   නිධානයක් හෑරීම සඳහා ගලක්  විදිමින්  සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.‍

ඔවුන් සතුව තිබී බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි බෙහෙත් ආදීය පොලිස් බාරයට ගෙන ඇත. 

මොවුන් පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් යාන්ත්‍රික උපකරණ  යොදාගෙන විශාල ගලක්  අඩි 25ක පමණ ගැඹුරු වළක් හාරා ඒ මත දෝනාවක් යවමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  එම  ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම  බැකෝ යන්ත්‍ර  අයිතිකරුවෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

වැටලීමට පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි  හතරක මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයා ඉල්ලීමක් කිරීමද විශේෂත්වයකි.  

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ  භාණ්ඩ  ගලේවෙල පොලිසියට බාරදෙන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පවසති.



අදහස් (9)

දළදා මාළිගාවේ ඉඩමක නිධන් හාරති

Jayantha Monday, 04 December 2017 04:55 AM

මේක මහා කජ්ජක්ද මහා පරිණාමයේ හොරකම් සමග සසඳනකොට... දැන් බලන්න මේ ආණ්ඩුවේ බැඳුම්කරය, ගිය ආණ්ඩුවේ ශ්‍රීලන්කන් ගුවන් හොරකම, මිග් යානා හොරකම, ග්‍රීක් බොන්ඩ්ස්, ඩී.ඒ රාජපක්ෂ සමරුව, විමල්ගේ නෑදෑයන්ට වාහන, සජින් වාස් ගේ මිහින් ලංකා, ගාමිණී සෙනරත්ගේ මංකොල්ලය, ලලිත් වීරතුංගගේ සිල් රෙදි, ජොන්ස්ටන්ගේ සතොස ගැහිල්ල, නාමල්ගේ කාල්ටන් ගැහිලි, විමල්ගේ සුනාමි ගෙවල් වල 10% කොමිස්, රෝහිත අබේගුණවර්ධනගේ පෝර්ට් ගැහිලි, ප්‍රසන්න රණතුංගගේ බස්රූට් පර්මිට් ගැහිලි සහ තව දහස් ගණනක් හොරකම් එක්ක මේවා නතින් හලෝ

:       93       971

සුමතිපාල Monday, 04 December 2017 06:26 AM

අම්මපා ජයන්ත මල්ලි ඔයා නම් නියම සාධාරණ ජෙප්පෙක් බව කොමෙන්ටුවෙන් නියමෙටම පෙන්නලා තියෙනවා.

:       37       86

dahamMonday, 04 December 2017 07:44 AM

සහතික ඇත්ත. මුලින් බැඳුම්කරේ සඳහන් කරලා ඊට පස්සේ ඔක්කොම ගිය ආණ්ඩුවේ එකවුන්ට් එකට දානවා. ඒවා එකක්වත් ඔප්පු කරන්න පුළුවන් චෝදනා නෙමෙයි. හොරකනුත් නෙමෙයි.

:       58       164

LapayaMonday, 04 December 2017 08:13 AM

අතීතය නොදන්න 89න් පස්සේ උපන් ඔරිජිනල් ජප්පෙක්..

:       322       57

JayanthaMonday, 04 December 2017 09:27 AM

හලෝ ලපයා, මම ඉපදුනේ 1952 බමුණුවාදය රජ කරපු කාලෙක. ඒ කියන්නේ ජේ.ආර්. ගේ අයවැයට විරුද්ධව හරතාල් කරපු කාලේ. එදා වෙච්ච දේවල් නිසා තමයි බණ්ඩාරනායක උන්නැහේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල පංච මහා බලවේගය අරගෙන ඉදිරියට ආවේ. ඒකට සහය දීපු අය තමයි හෙන්පිටිගෙදර ඥාණසීහ, බුද්ධ රක්ඛිත, ද පීටර් සිල්වා, පියදාස, පී බී අල්විස් පෙරේරා, සාගර පලන්සුරිය (කේයස්), කම්කරු නායකයෝ සහ ගුරු නායකයෝ. ඒ දවස් වල හිටිය නායකයෝ සල්ලි එක්කාසු කරන්න නෙමේ දේසපාලනය කලේ. ඩඩ්ලි, ජේආර්, එන්.එම්, කොල්වින් සිල්වා, දහනායක, සීපී ද සිල්වා, විජයබාහු විජේසිංහ, අසෝක කරුණාරත්න, මහානාම සමරවීර, ජීජී පොන්නම්බලම් සහ තව ගොඩක් දේශපාලකයෝ බොහොම අවංකව රටට දේශපාලනය කරපු උදවිය. අනේ ලපයෝ දේශපාලන ඉතිහාසය දන්නේ නැත්නම් මට ඔහේගේ ඊමේල් ඇඩ්‍රස් එක එවන්න. මම ඉංග්ලිෂ් වලින් හරි සිංහලෙන් හරි ලියලා එවන්නම්....

:       2       1133

Ruwan Monday, 04 December 2017 05:45 AM

හරි හිනා....

:       0       15

සුමතිපාල Monday, 04 December 2017 06:30 AM

අත්අඩංගුවට පත් වුණු කෙනාද මේ හිනාකටක් දාගෙන ඉන්නේ? මාස යනකල් මේ වැඩේ කලා කියන්නේ මේකේ මොකක් හරි රහසක් තියෙනවා. සමහරවිට ආයෙමත් දියවඩන නිලමේතුමාට ගේමක් දෙන්නද දන්නේ නෑ සුදානම් වෙන්නේ.

:       13       51

jayampathiMonday, 04 December 2017 12:53 PM

මාලිගාවේ ඉඩම්නේ, මේවා පිටිපස්සේ ඉන්නේ කවුද දන්නේ නැහැ.. මොකද අහුවුණ අය ඔච්චර හිනා වෙන්නේ? තමාගේ කාර් එකේ රත්තරන් ආලේපිත හැඩල්, බෆර්, රිම් තියෙන කෙනාද දන්නේ නැහැ.

:       0       0

darshana Monday, 04 December 2017 08:28 AM

අත්අඩංගුවට පත් වුණාම මෙච්චර සතුටු වෙලා හිනා යනවා නම්.... මාත් ආසයි අත්අඩංගුවට පත් වෙලා ටිකක් සතුටු වෙන්න.

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site