අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලපෑම් වළක්වා ගැනීම සඳහා සියලු නීතීඥ සංගම්වල එකමුතුවෙන් ඒකාබද්ධ සම්මේලනයක් ගොඩනැගීමට යයි. පළමු පියවර ලෙස නීතීඥ සංගම් තුනක විධායක කමිටු ලබන අටවැනිදා රැස්වී සාකච්ඡා කිරීමට නිමිත බව තරුණ නීතීඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අචල කුමාරසිරි මහතා කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෝෂාභියෝග බලපෑම් හොයන්න නීතීඥ සංගම් හවුලක්
නන්දන Sunday, 04 November 2012 05:57 PM
ලංකාවේ ජනතාව එයාලටම දීලා දැන් ඉල්ලන් කනවා. (නි)
යොහාන් Sunday, 04 November 2012 06:29 PM
ඔය පුටුවේ වාඩිවෙද්දී මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති. (නි)
නිරාන් Sunday, 04 November 2012 06:44 PM
ඔයාලට තවත් යමක් කරන්න කාලය තියෙනවා. කරුණාකර එකට එකමුතු වී මේ අයට රතු එළියක් දල්වන්න. (නි)
ෂෙරීෆ් Sunday, 04 November 2012 09:14 PM
මියෙනතුරු සටන් කරමු. (නි)
චතූ Monday, 05 November 2012 09:41 AM
බජට් කෙසේ වෙතත් පළිගැනීම වලක්වන්න පියවරක් ගැනීම වැදගත්. (ස)
රත්න Sunday, 04 November 2012 03:28 PM
කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව මේක ගෙනාවෙ "බජට්" එකේ "හිල්" වහගන්න. "වැඩිවෙන බඩු මිල, ටැක්ස්" ගැන කතා නොකරන්න ගහපු ගැටයක්; අර 13 වගේ. (ත)
රාජා Sunday, 04 November 2012 03:47 PM
රත්න, නිල් කණ්ණාඩි වලින් නොබලන හැමෝම දන්නවා මොනවත් ලැබෙන්නෙ නැහැ කියලා. (නි)
මුතුකුඩ Sunday, 04 November 2012 03:37 PM
ඕක පුදුම වෙන්න දෙයක්ද? මේ දෝෂාභියෝග ප්‍රශ්නයට පසු තව ප්‍රශ්නයක් ගේනවා, ජනතාවට කතා කරකර ඉන්න. එවිට ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. (නි)