( මුදිතා දයානන්ද )
දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය
“මේ අණ්ඩුව බලයට ආවේ දූෂණ ක්‍රියාවන් පිළිබඳ විමර්ශන කරන්න වෙනම විනිශ්චය කොමිෂන් සභාවක් ඇති කරනවා, අවශ්‍ය වුවහොත් වෙනම අධිකරණයක්ද පිහිටුවනවා කියලා මහා සද්දෙට රටටම කියලයි. “
“එහෙත් ඒ වෙනුවෙන් හදපු දූෂණ විරෝධි ලේකම් කාර්යාලය අහෝසි කරන්න මේ වන විට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වයං මරණයකට ලක්වෙනවා. එම ආයතනය පිහිටෙව්වේ දූෂණ ලේකම් කාර්යාලයට ලැබෙන පැමිණිලි වැඩිදුර විමර්ශන සිදුකර නඩු පැවරිමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කිරිමට නිසා දූෂණ ලේකම් කාර්යාලය අහේසි කළ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරියද ඉබේ අවසන් වෙනවා“
“මෙම ආයතනය වසා දැමීමට ප‍්‍රධාන හේතුවක් ලෙස කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත්ව තිබු මිලියන 409ක වියදමක් කළත් කිසිදු වැඩක් නෑ කියන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක්. මේ ආයතනය වසර දෙකකුත් මාස පහට වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 32ක් පමණයි. ඒ වගේම මෙමගින් කළ විමර්ශන නිසා රුපියල් මිලියන 1900කට වැඩි මුදලක් රටට උපයා දී තිබෙනවා. ඒ නිසා සත්‍ය හේතුව වියදම් වැඩිවීම නොව රාජිත සේනාරත්න ඇතුළු ගිය ආණ්ඩුවේ හිටපු මේ ආණ්ඩුවෙත් ඇමතිකම් දරණ වැඩි පිරිසකට එරෙහිව මේ ආයතනයට පැමිණිලි ලැබී තිබීම හා ඒවා විමර්ශනය කිරිම මේ වන විට අරඹා තිබීමයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“දූෂණ මර්දන ඒකකය වසා දමන්නේ ඇමතිවරුන්ගේ වැරදි වහගන්නයි“
sunil Wednesday, 12 July 2017 07:55 AM
සම්පුර්ණ ඇත්ත.
ONE SRILANKAN Wednesday, 12 July 2017 08:15 AM
මොකද දේශපාලකයෝ මෙතරම් ජනතාව රවට්ටන්නේ? මෙතුමාගේ කතාව හරි... ජනවාරි 8 වෙනස බලාගෙන හිටිය අයට.. මෙයාලා බොරු කලා... ගරු ජනාධිපතිතුමා නිහඬව ඉන්නවා කියන්නේ මේවා අනුමත කරනවාෙ කියන එකයි. නැත්නම් මේවට විරුද්ධ වෙන්න බැරි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ..
Thessalonians Wednesday, 12 July 2017 09:05 AM
අනේ ඔයාලා සුපුරුදු පරිදි රට වනසන්නේ නැතුව කරන කෙනෙකුට උදව් කරන්න.. රට ගොඩදාලා පස්සේ බැරියැ අනික් ඒවා කරගන්න.
ධම්ම Wednesday, 12 July 2017 10:00 AM
රාජිත සේනාරත්න මහතා ඇතුළු ගිය ආණ්ඩුවේ හිටපු මේ ආණ්ඩුවෙත් ඇමතිකම් දරණ වැඩි පිරිසකට එරෙහිව මේ ආයතනයට පැමිණිලි ලැබී තිබේ නම් එය වසා දැමීම හොඳයි.
siva Wednesday, 12 July 2017 11:18 AM
වටරවුම් වල, දුම්රිය පොළවල් ලඟ ගිහින් මිනිස්සු කුලප්පු කරන්න හැදුවට දැන් ජනතාව ජ.වි.පෙ. වගේ මෝඩ නැහැ. දෙමව්පියන් ළමයින්ව යවන්නේ නැහැ.