IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දේශබන්දු නෙරපන විවාදයට ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කොළඹ ඉන්න කියයි

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා  එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය  ලබන අඟහරුවාදා (5) පැවැත්වීමෙන් පසු  ඡන්ද විමසීම එදින පස්වරුවේ  පැවැත්වෙනු ඇත.

ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාව සම්මත වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් (113)  පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය දෙස බැලීමේදී මෙම යෝජනාව ස්ථිර වශයෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

යෝජනාව සම්මත වුවහොත් ඒ   බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබයි. එසේ දැනුම් දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට පොලිස්පතිවරයකු  පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින්  නෙරපා හැරෙන පළමු අවස්ථාව මෙයයි
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර  චෝදනා විමර්ශන කෙරුණු  මැතිසභා ත්‍රිපුද්ගල  කමිටුව එම  සියලුම චෝදනාවලට වැරදිකරු බව ප්‍රකාශයට පත් කරමින් ඔහු සේවයෙන්   පහකළ යුතු බවට  නිර්දේශ කළේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   මහතා නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ  න්‍යාය පත්‍රයට හෙට(4) ඇතුළත් කෙරෙනු ඇත. එය දැනට පවතින්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේය. න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු එළඹෙන ඕනෑම දිනයක යෝජනාව විවාදයට ගත හැකි  බව  පාර්ලිමේන්තු  ස්ථාවර නියෝග වල දැක්වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා  හැරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රධාන පක්ෂ තුනක් දැනටමත් තීරණය කර ඇත. ජාතික ජන බලවේගය සමගි ජනබල වේගය සහ දෙමළ ජාතික සන්ධානය එම පක්ෂ තුනයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂක විධාන දැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් පියවර ගෙන ඇත.



අදහස් (0)

දේශබන්දු නෙරපන විවාදයට ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කොළඹ ඉන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site