IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්.  පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන  හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී ඇත.

විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ 51දෙනෙකු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සඳහා මෙම පරීක්ෂණ පවත්වනු ලැබීය.

විදුහලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ද මෙම පරීක්ෂණය සඳහා ලක්කෙරුනු අතර ඔවුන් ද ආසාදිතයන් නොවන බවට ඊයේ(06) දිනයේ වාර්තා විය.

දැනට නිරෝධායනය කර සිටින සිසුන් අතරින් එක් සිසුවකු අසනීප තත්ත්වයකින්  මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම සිසුවා ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවට රෝහල්  ආරංචි මාර්ග සදහන් කළේය.

එමෙන්ම මෙම පාසලේ සිසුන්ගේ දෙමාපියන් 14දෙනෙකු කොරෝනා ආසාදිත  ඇගලුම්හලේ සේවය කරන අතර ඉන් 8දෙනෙකු ආසාදිත තත්ත්වයට පත්වී ඇති බවට ද මේ වන විට වාර්තා ලැබී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (1)

දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ

amarabandu Wednesday, 07 October 2020 06:30 AM

සිසුන් 48ක් පරීක්ෂා කරන කොට ගුරුවරුන් 57ක් පරීක්ෂා කරනවා. හරි සාධාරණව පරීක්ෂණ බෙදිලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site