IMG-LOGO

දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහ සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඤාණිස්සර  මහ නාහිමියෝ (102) අපවත් වුහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය.

උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර  මහා නායක පදවියට පත් වුයේ 2002 වසරේ දීය. ඤාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සඳහා අතිවිශාල මෙහෙවරක් කළ යතිවරයන් වහන්සේ නමකි. 

දවුල්දෙන ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප්‍රේල් 6 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වැඩි විස්තර සඳහා http://www.lankadeepa.lk/columns



අදහස් (9)

දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති

jayasinha Monday, 03 April 2017 04:37 AM

අපගේ සාතිශය ශෝකය පුදකරන අතර උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු.

:       0       27

gamini abeykoon Monday, 03 April 2017 04:50 AM

අතිපුජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා.

:       2       21

hashanthi Monday, 03 April 2017 05:17 AM

අපගේ සාතිශය ශෝකය පුදකරන අතර උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු

:       0       2

Sampath Samarasekara Monday, 03 April 2017 06:30 AM

ප්‍රාර්ථනීය බෝධියකින් උන්වහන්සේ වහ වහා චතුර්‍යයසත්‍යාභෝදය ලැබේවා !!!

:       0       3

Saumya Monday, 03 April 2017 06:31 AM

අතිපුජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා....!!!

:       0       0

soma Monday, 03 April 2017 06:51 AM

නායක හාමුදුරුවෝ කල සේවය අති උදාරයි

:       0       1

siri Monday, 03 April 2017 08:39 AM

ඔබ වහන්සේගෙන් වුණු සේවය මිල කළ නොහැකියි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       0       1

kalpa Monday, 03 April 2017 08:56 AM

ඔබ වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා

:       0       1

arschfikaa Monday, 03 April 2017 09:43 AM

හොඳ හිමිනමක්.... අවුරුදු 101 ක්ම ආයුෂ වින්දනය කළ භික්ෂුවක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site