IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දිවයිනට ගෙනා අපරාධකරුවන් තැන් දෙකකට ගෙනයයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය කියයි.

උඩුගම්පල කෙහෙල් බද්දර පදිංචි    කේ ජි මන්දිනු  පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ (37)  හා  පානදුර පින්වල සූසාන භූමිය පාර පදිංචි , පි නිලංග සම්පත් සිල්වා (36) යන සැකකරුවන් දෙදෙනා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (3) හී රඳවාගෙන , පි. ශලින්ත මධුශාන් පෙරේරා නොහොත්  කොමන්ඩෝ ශලින්ත (38)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන   අංශ  (1) හි රඳවාගෙනත්  ,  මිද්දෙනිය කුඩගල්ආර  පදිංචි  ලහිරු මධුසංක නොහොත් තැඹිලි  ලහිරු  (36) නැමැත්තා   හා  මිද්දෙනිය උල හිටිය පදංගල ගෙදර පදිංචි එන් එන් ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත (35) යන දෙදෙනාම බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මේ වන විට කොළඹ වරාය පොලිසියේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා නීති විරෝධී ගිනි අවි භාවිතා කරමින් පුද්ගල ඝාතන සිදුකිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකිරීම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අනුබල ලබාදීම පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කිරීම 2025 වසරේ පෙබරවාරි මස 19 වෙනිදින  කොළඹ අලුත් කඩේ. අංක 5 අධිකරණයේදී  සංවිධානාත්මක අපරාධකරුවෙකු නොගනීමල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කර එම අවස්ථාවේදී මූලාසනයේ සිටි විනිශ්චකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ භීතියට පත් කිරීමේ අපරාධය සැලසුම් කිරීම සැකකරුට එල්ල වී ඇති චෝදනා බව පොලිසිය සඳහන් කරයි.

ශලින්ත මදුශාන් පෙරේරා නොහොත් කොමන්ඩෝ ශලින්ත නැමැත්තා දිවයිනේ  විවිධ ප්‍රදේශවල පසුගිය කාල වකවානුව තුළ සිදුවූ බිහිසුන් මනුෂ්‍ය ඝාතන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කොල්ලකෑම් කප්පන් ලබා ගැනීම පැහැර ගැනීම සැකකරුට එල්ල වී ඇති වෝදනාවේ.

නිලංග සම්පත් සිල්වා නමැත්තා අධිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාල වකවානු තුළ සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන මහා පරිමාණ මධ්‍ය ජාවාරම් ස්වංක්‍රීය ගිනි අවිභාවිතා කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීම කොල්ලකෑම් කප්පන් ලබා ගැනීම,පහැර ගැනීම්   සැකකරුට එල්ල වී ඇති චෝදනාවේ.

 



අදහස් (3)

දිවයිනට ගෙනා අපරාධකරුවන් තැන් දෙකකට ගෙනයයි

යුක්ති Sunday, 31 August 2025 11:25 AM

කිසිදු ලෙසක ඇප අනුමත නොකළ යුතු අතර, මොවුන් පිටුපස සිට මෙහෙයවන ජඩ දේශපාලකයින්ද සමග සියළු දෙනාම එල්ලා මැරිය යුතුයි...

:       2       18

Rata Perata Sunday, 31 August 2025 01:15 PM

මේවා මොකටද? තව ටික දවසකින් මේ රදවා ගෙන ඉන්න තැන්වල දොරවල් ජනෙල් තියෙන්නේ මොන පැත්තෙද? ආරක්ෂාවට කීයක් ඉන්නවද? විකාර වැඩ...

:       6       9

විපරමා Sunday, 31 August 2025 04:54 PM

මේ අපරාධ කරුවන් පිළිබදව දැඩි අවදානයෙන් සිටිය යුතුයි .. හිටපු දූෂිත දේසපාලුවන්ගේ පිහිටෙන් තව මොනවා කරන්න බැරිද?

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site