IMG-LOGO

“දරුවන්ට යළි සිනහව කැන්දන දිනය 30දා“

ගංවතුරින් විපතට පත්වූ පාසල් දරුවන්ට අහිමි වූ පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දීම සඳහා ෆේස්බුක් මිතුරන් හා දුම්රියේ මගීන්ගේ ගුඩ් ෆ්‍රෙන්ඩ් නමැති සංගමය එක්ව ‘‘දරුවන්ට යළි සිනහව කැන්දන දිනය 30දා“ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඔවුන් ඉල්ලා සිටින්නේ ලබන 30 දා (සඳුදා) උදෑසන ශ්‍රී ලංකාව පුරා දුම්රියෙන් කොළඹ එන මගීන්ට හැකි පමණින් පාසල් උපකරණ ගෙනවිත් දෙන ලෙසයි. තමන්ට හැකි අයුරින් පොතක්, පෑනක්, පැන්සලක්, පාට පෙට්ටියක්, කවකටු පෙට්ටියක්, වතුර බෝතලයක්, පාසල් බෑගයක් හෝ තමන්ගේ ම දරුවන් කියවූ කතන්දර පොතක් මෙලෙස ගෙන එන ලෙස මෙම සමාජ සත්කාරය සංවිධානය කරන කණ්ඩායම ඉල්ලා සිටියි.

ඔවුන් පවසන්නේ දුම්රියෙන් කොළඹ එන මගීන් වැඩිම පිරිසක් බැස යන බම්බලපිටිය, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව, මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථානවල දී මේ පරිත්‍යාග එකතුකරන බවයි. එලෙස එකතුකරන පරිත්‍යාග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිර්දේශිත පාසල්වෙත ලබා දීම සංවිධායකවරුන්ගේ අපේක්ෂාවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මෙය සැළසුම් කර ක්‍රියාත්මක කරමින් පවතී.

Train 1213



අදහස් (0)

“දරුවන්ට යළි සිනහව කැන්දන දිනය 30දා“

අශෝක Saturday, 28 May 2016 08:36 AM

නෙතු පිරුණු කඳුලින් බැලුවෙමි මේ පුවත්... ෆේස්බුක් මිතුරන් කරන හොඳ වැඩ අගය කරමින්... එකා මෙන් එක්වෙමින්- රකිමු දරුවන් යළි සිනාවෙන්! (නි)

:       0       0

ශාන්ත කටාර් සිට Saturday, 28 May 2016 03:38 AM

ඉතාම හොඳ සත්කාර ක්‍රියාවක් , අගය කලයුතු ,,,, (ස)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 28 May 2016 03:39 AM

හොද වැඩක් ..කයිවාරු නැති හොද සමාජ සත්කාරයක් ..ඒවගේම මේ දේ ඉතා ඉහලින්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්තනා කරමු. (ස)

:       0       0

ඇන්ජෙලෝ Saturday, 28 May 2016 04:05 AM

අනේ හරි හොද වැඩක් ,මොලේ ඇති වැඩක් ,ලෝකයේ මේ වගේ දේවල් කරන අයව තව තවත් දහිරිය කරවන්න අපි සම්මාදම් වෙන්න ඕනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site