IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දයාසිරි සුවය ලබා නිවසට යයි

(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා අද (20) සිය නිවසට ගොස් ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඉකුත් 8 වැනිදා සිට හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමුකර සිටියේය.

වෛද්‍ය උපදෙස් මත තමන් තව සතියක කාලයක් නිවසේදී නිරෝධායනය වන බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.

කොරෝනා ආසාදනය වී සිටි සමයේ තමාට සුවය පැතූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද ජයසේකර මහතා කීවේය.



අදහස් (6)

දයාසිරි සුවය ලබා නිවසට යයි

මැක්ස් Wednesday, 20 January 2021 06:03 PM

සුබ පුවතක්... අන් සියලු රෝගීන් ද ඉක්මණින් සුවපත් වේවා!

:       0       3

dhamneth Wednesday, 20 January 2021 09:13 PM

ඔබතුමා දේශීය කෝවිඩ් ඖෂධ කිසිවක් ගත්තද? ඔබතුමාට බෙහෙත් දෙන්න දේශීය වෛද්‍යවරු කීපදෙනෙක්ම සූදානමින් සිටියා කියා පළවුණා.

:       0       2

puppa Thursday, 21 January 2021 01:32 AM

අපරාදේ...

:       0       6

Atalu Vijesililare Thursday, 21 January 2021 01:50 AM

යන්නම කියපු අයටත් ස්තුතියි කියනවා නේද?

:       0       2

naushi Thursday, 21 January 2021 08:06 AM

දැන් එතුමාට බතික් දාන්න පුළුවන්...

:       0       2

Raveendra Thursday, 21 January 2021 08:21 AM

දයාවෙන් පිරි අපේ මේ සිරිබෝ අයියත් පැණි බීලමද ගොඩ ආවේ...?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31530 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13871 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site