
(කාංචන කුමාර ආරියදාස)
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අලුයම 4 ට විවෘත කිරීමත් සමග ලැබී තිබුණු ඉතා සීමිත එළවළු තොග අලුයම කාලයේම දුර පළාත්වල වෙළෙන්දන් පැමිණ මිලදී ගෙන පිටව ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පැවසූහ.
ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ ඉතා සීමිත එළවළු සඳහා අධික ඉල්ලුමක් සහ අධික මිලක් ලැබෙන පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති
වට්ටක්කා, කැරට් ,වම්බටු, ලීක්ස් ,ගෝවා ,බෝංචි ආදී දී එළවළු වර්ග යම් මට්ටමකින් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර පහතරට එළවළු වර්ග බොහොමයක් ඉතාමත් අඩුවෙන් ලැබුණු බවෙළෙන්දෝ පැවසූහ.
එමෙන්ම දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හල් බොහොමයක ඩීසල් නොමැතිවීම හේතුවෙන් වාහන තැන් තැන නැවතී ඇති අයුරුද දකින්නට තිබේ.
එමෙන්ම ඉන්ධන පිරවුම්හල් කීපයක්ම ඉන්දන නොමැති නිසා වසා දමා තිබුණු අතර පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
තවද , දඹුල්ල ගලේවෙල නාඋල සීගිරිය ආදී ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් සඳහා උදෑසන සිටම නගරවලට පැමිණෙමින් සිටිති
බස් නැවතුම් පොළ සහ අනෙකුත් ස්ථානවල මගින් රැස්ව සිටි අතර ගමනා ගමනයට බස්රථ නොමැති වීම නිසා ඔවුන් අසීරුතාවයකට පත්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය. දුර පළාත්වල පොදු ප්‍රවාහන සේවා දැක ගැනීමට නොහැකි විය.
වෙළෙන්දන්ද තම හිතුමතේට මිල ගණන් කියමින් භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන බවද ජනතාව කියති . අද(12) දඹුල්ල සති පොල ද යම් මට්ටමකින් විවෘතව තැබීමට වෙළෙන්දන් පියවර ගෙන තිබිණි.


( (දඹුල්ල නගරයේ ඉන්ධන පෝලිමක්)
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සීමිතයි:අලෙවිය වැඩිවෙයි