කිලෝවක් රුපියල් 90කට අද වන විට දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 35ක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇතැයි ලංකා සතොස කියයි.
දඹුල්ල කණ්ඩලම හා පැල්වෙහෙර ගබඩා දෙකම ලුනු වලින් පිරි ඇති නිසා එම ගබඩා දෙකේ ලූණු මිලට ගැනීම තාවකාලිකව අත්හිටුවා එම ලූනු තොග වෙනත් ගබඩා වලට ප්‍රවාහනය කිරීමෙන් පසු නැවත මිලදී ගැනීම ආරම්භ කරන බව සතොස පවසයි.
කැකිරාව, සීගිරිය, ගලේවෙල, ගලෙන්බිදුනුවැව, බකමූණ යන මධ්‍යස්ථාන වල ලොකු ලූනු මිලදී ගන්නා බවද සතොස පවසයි.
ගොවීන් සතුව තවත් දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 15 වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව ගොවි සංවිධාන සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹූලු ගබඩා පිරේ
අජන්ත Wednesday, 10 December 2014 10:55 AM
ඡන්දෙට ලූනු දන්සැලක්වත් දෙන්නද මන්දා යන්නේ? (නි)
සසංක Wednesday, 10 December 2014 07:01 AM
වේවා රටට සමෘද්ධියක්! (නි)
සත්‍යපාල Wednesday, 10 December 2014 07:12 AM
බී ලූනු ගොවියාට මේ දවස් වල ජයයි. හැබැයි ඊටපස්සේ මේවා කුණු වෙනකම් ගබඩාවල තිබිලා පස්සේ විසිකරලා දායිද දන්නෙ නැහැ. මේවා හැමදාම වෙන සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. මෙවැනි දේවල් නවත්වන්න පුළුවන්. නමුත් එහෙම කරන්නෙ නැහැ (නි)
සිල්වා Wednesday, 10 December 2014 07:36 AM
හරි හැටි කලමකරිත්වයක් නැති කමනේ. ගොවීන්ට පාරට බැහැලා උද්ඝෝෂනය කරන්න වෙලා තියෙන්නේ. තමන් නෙලාගත් අස්වැන්න විකුණගන්න ගොවියන් උද්ඝෝෂනය කරේ නැත්නම් බඩු ගන්නේ නැහැ. (ර)
සත්‍යයා Wednesday, 10 December 2014 08:34 AM
හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. ලුණු වැව්වත්, අල වැව්වත් නිෂ්පාදකයා, වෙළඳපොල හා පාරිභෝගිකයා ගැන සළකලා නොවෙයි වැඩ කරන්නේ. ඡන්ද ඉලක්ක කරගෙන කරන මේ විකාර වලින් විනාශ වන්නේ රටේ කෘෂි ආර්ථිකය පමණක් ගොවියාගේ හා පාරිභෝගිකයා තුල රට පිලිබඳ ඇති ලැදියාවත් විනාශවී යනවා. කාට කියන්නද?(හේ)
සිංහ Wednesday, 10 December 2014 08:46 AM
සසංක, ඔයා හිතුවට මේක රටට සමෘද්ධියක් කියල ළුණු ඉක්මනට නරක් වෙනවා. මේ සේරම විසික් කරන්න වෙනවා. ඡන්දෙ නිසා ඔක්කොම ටික සල්ලි දීල ගන්නවා මිසක් ගොවියාට ආදරේට මේවා ගන්නවා නෙමෙයි. ඡන්දෙ ඉවර වෙනකල් ඉන්නකෝ. මේ ආණ්ඩුවම දිනුවොත් ඊට පස්සේ වෙන දේවල් එතකොට බලාගන්න පුළුවන් වෙයි. සිරිසේන මහත්තය අනිත් පැත්තට යනකල් ඉන්න ඕනේ උනා හාල් මිල අඩු කරන්න. ජන්දේ ලං උන නිසා බඩු මිල අඩු කලා. අවුරුදු 10ක් රට පාලනය කරලා දැන් තමයි බඩු මිල අඩු කරන්න මතක් උනේ. ජන්දෙන් පස්සේ ඕව වැඩි වෙන විදිහ හිතා ගන්නවත් බැරි වෙයි. මතක තියා ගන්න රුපියල් 100ක් වැඩි කරලා තමයි ඔය රුපියල් 5ක්, 10ක් විතර අඩු කලේ කියලා. ඔලුවක් තියෙන මිනිස්සුන්ට මේවා තේරෙනවා හොදට. රටකට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. වාසියට දෙන දේයි පුළුවන් නිසා දෙන දේයි අපි නම් හොදට දන්නවා. (නදී)