(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දඹුල්ලේ පටන් ගත් ලංකාවේ පළමු වැනි උෂ්ණත්වය පාලන ගබඩාව වටා පිහිටි ඉඩම් ටික බලෙන් අල්ලා ගන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළවළු පලතුරු කල් තබාගැනීම සඳහා සැකසන එම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතු තවම අවසන් වී නැතැයි ද නමුත් ඒ වටා ඇති ඉඩම් මේ වන විටත් පුරවා පෞද්ගලික ඉඩම් යනුවෙන් බෝඩ් ගසමින් සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.
ගොවි ජනතාවට තිබෙන සම්පතක් මෙලෙස අවභාවිත කරන්නට ඉඩ දිය නොහැකි බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලා එය නතර කිරීමට කටයුතු කරන බවයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ලේ ශීත ගබඩාව වටේ බලෙන් අල්ලගෙන
ravin Thursday, 16 November 2023 03:30 PM
දඹුල්ල පැත්තේ මැරකම් කරන්නේ කාගේ කට්ටියද ?
ලංකාපුත්‍ර Thursday, 16 November 2023 04:52 PM
හර්ෂ මැතිතුමා කියන්නෙ තුවාලයක් තියෙන එකාට වේදනාව ඇතිවෙනවා වගේ එතුමාගේ ව්‍යාපෘතිය නාස්ති වෙනවා කියලා තමයි ලංකාවේ ආණ්ඩු වෙනසක් වුණාම අලුතින් පත්වෙලා එන ඇමැතිවරයා හිටපු කෙනා කරපු වටිනා දෙයක් වුනත් අත් හැර දැමීම කරනවා.. හරියට වාසුගේ ජල ව්‍යාපෘති වගේමයි.. මෙහෙම ඇවිල්ලා තමයි අවුරුදු 75 ක් අවසන් වෙන අවස්ථාව වෙද්දීත් ලංකාව පල්ලම් බහින්නේ. එනිසා ඊළඟ මැතිවරණය අවසන් වෙලා ඇමැතිලා පත්කරනවිට අමාත්‍යාංශයේ අරඹා ඇති ව්‍යාපෘති හා අමාත්‍යාංශයේ එතෙක් පැවති ප්‍රගතිය දැක්වෙන විස්තරයක් හිටපු ඇමැතිවරයා හා හිටපු ලේකම් අත්සන් කර අලුත් ඇමැතිවරයාට හා නව ලේකම්ට භාරදීමට ක්‍රමයක් හදන්න ඕන... පිටපතක් ජනාධිපති ලේකම් වෙතත් පිටපතක් විගණකාධිපති වෙතත් දීමට නීතියක් ඇතිකල යුතුයි... එහෙම නොකරනතාක් කල් ජනතා මුදල් නාස්තියක් මිස රටනම් හදන්න බැහැ බැහැ බැහැමයි...
Ananda Friday, 17 November 2023 07:23 AM
රජයේ නිළධාරියෙක් ස්ථාන මරුවක් අරගෙන ගියාම යම් භාණ්ඩයක් නොදී ගියා කියලා අනුප්‍රාප්තිකයා පැමිණිලි කලොත් එහි වටිනාකම සහ තවත් සියයට ගණනක් අයකිරීම කරනවා. ඒත් දේශපාලුවො කෝටි ප්‍රකෝටි ගණනක් වංචා කලත් විගණන විමසුමක් වෙන්නෙ නැහැ ඒක හරිද ඒ වගේම අතර මැද නතර කරන ව්‍යාපෘති ගැන විගණනයක් වෙනවා කියලා අහන්න ලැබෙන්නේ නැහැ .ලංකාව කවදා නිවැරදි පීල්ලේ පීලිගත වෙයිද මහත්තයෝ