IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි

(කාංචන කුමාර ආරියදාස)
 
විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන්  තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී ආහාරයට නුසුදුසු විදේශ රටවලින් ගෙන්වන ලද අර්තාපල් අල , ලොකු ළුණු තොග රැසක් පිරිසිදු කරන  අයුරු නිලධාරීන්ට දැකගත හැකිවිය.  

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අයත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් විදේශ රටවලින් අර්තාපල් අල ලොකු ළුණු ගෙන්වනු ලැබේ. මෙම ලොකු ලූණු අර්තාපල් අල ගෙන්වා ඇති ලියකියවිලි නොමැතිවීම විශේෂත්වයකි.

ජනතා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ  නරක් වී ඕජස් ගලන පණුවන් සහිත අල සහ අර්තාපල් සහ ලොකු ළූණු මෙයාකාරයෙන් රට තුළට පැමිණීම ජනතාවට විශාල ලෙඩ රෝග බෝකරන කාරකයක් බවට පත්වන බවද දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය දයන්ත  වීරසේකර මහතා පැවසීය. 

දඹුල්ල නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතා පැවසුවේ මාධ්‍ය මඟින් සිදු කළ හෙළිදරව්ව නිසා මෙම වැටලීමට සිදු කරන්නට  වූ බවත් ඉදිරියේදී දිගින් දිගටම මේ ආකාරයෙන් වැටලීම් සිදුකරන බවයි. විශාල වශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන පමණක් නොව කිසිදු සෞඛ්‍ය ආරක්ෂතාවයෙන් තොරවූ අල ලූනු ගබඩා රැසක් දැක ගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළේය.

පිටරටවලින් අර්තාපල් අල ලොකු ලූනු ගෙන්වන සියලුම ව්‍යාපාරිකයන් ඒකරාශී කොට මේ  පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් දඹුල්ල මහ නගර සභාව මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.

 



අදහස් (2)

දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි

sena Thursday, 21 December 2017 06:24 AM

වටලලා ඇති වැඩේ මොකක්ද කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන.............

:       0       9

PRADEEP Thursday, 21 December 2017 09:45 AM

මේවා වැටලුව කියල නීතියෙන් ඇති වැඩක් නැහැ. පොලීසියට,නගරසභාවට ජරාව දුන්නාම ඔක්කොම ඉවරයි අපි ඉතින් එදත් කුණු කෑවා , අදත් කනවා , හෙටත් කනවා .... පුදුම වැඩේ කියන්නේ මේ රේගුව තියෙන්නේ මොන කෙන්ගෙඩියටද ???? මේ හැමදෙයක්ම එන්නේ රේගුව හරහා නේද ?? කෝ මේ නීතිය එතෙන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි ??????????????????????????????? මේවා බොරු දේවල් , ඔය වෙළඳ මහතුන්ට ඔය ටික විකුණලා අපිව පෝෂණය කරන්න අරින්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13819 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site