IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක්

දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඊපීඩීපී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද, ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී ඇතුළු   ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකුගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේවනවිට පවත්වා ඇති බවද වාර්තාවේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම නව පෙරමුණ පිහිටුවන අතර, දෙමළ ජාතික සන්ධානය   පරාජය කර උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා මෙම සංවිධානය පිහිටුවීමට සාකච්ඡා කර තිබේ.

උතුරු නැගෙනහිර ජනතාව විකල්ප ද්‍රවිඩ නායකයන් පිළිබඳ බලාපොරොත්තුවක් තබා ඇති බවත්, ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වූ විකල්ප නායකත්වය ලෙස මෙම පෙරමුණ පෙනී සිටීමට සූදානම් බවත් සඳහන් වේ.

දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් සිය එකඟතාව පළකර ඇති අතර, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමටද නව පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.



අදහස් (3)

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක්

Perakum Wednesday, 11 October 2017 02:06 PM

මොන නමින් ආවත් අන්තවාදී ජාතිවාදී අරමුණු වෙනස් නොවනු ඇත.

:       1       100

sathyayaa Thursday, 12 October 2017 01:32 AM

මොවුන් ජාතිවාදී වීමෙන් වළක්වා ගත හැක්කේත් සිංහලයාටමයි.

:       61       85

wickrama Thursday, 12 October 2017 08:59 AM

මොනව් උනත් ඉල්ලන්නේ රටේ කොටසකි. රටේ කොටසක් නැතිව මුස්ලිම් ජනතාව ජාතික පක්ෂ හරහා හොදින් නියෝජනය වෙති.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site