සිගරට් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යංශය පවසයි.

බියර් හා අනෙකුත් දේශීය හා ආනයනික මත්පැන්වල මිලද ඉහළ දමා ඇත.

බියර් ලීටරයක් සඳහා මිල රුපියල් 40 කින්ද අනෙකුත් ඇල්කොහොල් අඩංගු බීම වර්ග (ඇල්කොහොල් ප්‍රතිශතය 5% කට වැඩි) ලීටරයක් රුපියල් 60කින්ද ඉහළ යනු ඇත.