
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.
කොළඹ කොටුව දක්වා දුම්රිය කීපයක් ධාවන කිරීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්වූ සිටි අයුරු දක්නට ලැබිණි.


(ඡායා - විමුක්ති ඒස් රුද්‍රිගෝ)



මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ සියළුම කාර්යාල වසා දමා තිබු අතර, එම දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
(රංජිත් රාජපක්ෂ )
COMMENTS
දුම්රිය සේවා අඩපණ වේ. මගීහු මහ මඟ වේ... විසඳුම පුද්ගලීකරණය වේ..
දැන් මේ ස්ට්‍රයික් කරන්නේ කුපාඩි කමට බව ඕනෑම පොඩි දරුවෙකුට පවා තේරෙනවා . උඹල මොන මගුල් කලත් ජීවත්වෙන්නේ මේ සමාජය ඇතුලෙම බව මතක තියාගනිල්ලා . ඔහොම ගියොත් මිනිස්සු උඹලව අල්ලලා ගස් බඳින දවස වැඩි ඇතක නොවෙයි . පෙට්‍රල් ෂෙඩ් වලින් උඹලට පෙට්‍රල් දෙන්නේ නැති වෙනකොට , කඩවල් වලින් උඹලට බදු විකුනන්නේ නැති කොට , පාරේ යනකොට උඹලගේ මුනට මිනිස්සු කෙලගහනකොට උඹල තේරුම් ගනීවි කරපු බලු වැඩ වල තරම.
ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටපු කාලයේ ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් (වත්මනේ එවුන් පොහොට්ටුවෙ ඉන්නෙ ) එතුමාට නොකළ අපහාසයක් නැහැ ඒත් දැන් මිනිස්සු දරුවන්ට අධ්‍යාපනය නැතිවීමට කටයුතු කිරීමට විරුද්ධව තදින්ම සිටිනවා ඒ නිසා මිනිස්සු කියන්නේ ප්‍රේමදාස මැතිතුමා නැති එකේ පාඩුව දැන් තමයි පේන්නෙ කියලා 2019 එජාපය නැත්තටම නැතිවුණ වගේ මාලිමාව සුන්නත්දූලි වෙන්න මේ වර්ජනය හේතුවක් වෙනවා ජනතාව හිතන්නේ මාලිමාවට පරාජය දැනී වර්ජන මෙහෙයවනවා කියලා තමයි
දුම්රිය වැඩ කරනවාට වඩා වැඩ වරණවා. වෘත්තිය සමිති අටවගෙන ඒක තමයි කරන්නෙ . මේවට හුරතල් කරලා හරියන්නේ නෑ. වේවැල ගන්න ඕන
රටේ මේ වගේ තත්ත්වයක් තියෙන ජනපතිවරණය අත ලඟ තියාගෙන මේ වගේ වර්ජන කරල ලබන්න පුලුවන් දෙයක් වර්තමාන රජය යටතේ නෑ. මෙහෙයනව අය මෝඩ වීරකම ගන්න දඟලනව මහජනතාව ශාප කරනවා.