IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා  තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වය කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් විය.

දුම්රිය ධාවනයේ පවතින අඩුපාඩු සහ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.



අදහස් (5)

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 11:38 AM

රජයේ ආයතන වල අකාර්යක්ෂම හා දූෂිත නිළධාරීන්ට වහා වහා ඉවත් කල යුතුයි, ඒ සදහා බිමල් රත්නායක සහෝදරයා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ගන්නා ක්‍රියාමාර්ග අගය කරමු !

:       6       22

Asela Tuesday, 12 August 2025 12:05 PM

කෙනෙකුට එක රටක් එක මාර්ගයකට ගෙනියන්න පුළුවන් නම්, ඒ වෙන කවුරුත් නෙවෙයි ජනාධිපති. කෙසේ වෙතත්, ඔහුත් අසාර්ථක වුණේ අන්ත නොහැකියාව සහ ඔහුගේ අකාර්යක්ෂම කණ්ඩායම නිසා. CGR එකේ ප්‍රධානියෙක් පමණක් වෙනස් කිරීමෙන් පලක් නැහැ. මුළු වැඩපොළම කම්මැලි, උදාසීන සහ නිෂ්ඵලයි. මේ ආණ්ඩුව කරන්නේ හිසේ කැක්කුමක් සුව කිරීම සඳහා කොට්ටයක් වෙනස් කිරීම පමණයි. වැඩකට නැති ආණ්ඩුවක්. සමහරවිට අමාත්‍යාංශය භාරව සිටින මෝඩයාට අවශ්‍ය වන්නේ ඔහුගේ හෙංචයියා පුටුවේ වාඩි කරවන්නයි. අලුත් බෝතලයක පරණ වයින්.

:       15       19

D P Liyanage Tuesday, 12 August 2025 12:12 PM

ඔව්, ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ අකාර්යක්ෂම සාමාන්‍යාධිකාරීවරයෙක්. ඔහුගේ අකාර්යක්ෂමතාවයෙන් පෙනී යන්නේ එය සෑම ක්ෂේත්‍රයකම දුම්රිය සේවාවන් දැඩි ලෙස පහත හෙලීමකට ලක්ව ඇති බවයි. සේවාව වැඩිදියුණු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත. එය වැඩිදියුණු කිරීමට පවා උත්සාහ කර නොමැත. එබැවින් ඔහුව GMR තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම රජය ගත් හොඳ පියවරකි.

:       7       15

sunaal Tuesday, 12 August 2025 01:34 PM

මේ මනුස්සය මාලිමාවට කඩේ නොයන්න ඇති. දැන් ඉතින් කවුරු හරි හෙන්චයියෙක් පත්කරගන්න පුළුවනිනේ . දුම්රිය විනාශවෙන්න ප්‍රධානතම හේතුව මෙයාලම කිරි පොවලා හදල තියෙන හැට හුට හමාරක් වන වෘත්තීය සමිති මිසක් මේ වගේ තනි නිලධාරියෙක් නෙවෙයි.

:       6       3

ගුණරත්න Tuesday, 12 August 2025 06:07 PM

වෙනිසියුලාවේ පිස්සාත් ප්‍රසිද්ධ වේදිකාවේ ඉඳගෙන රාජ්‍ය නිලධාරීන්ගේ නම් කියමින් උඹ අස්කලා, උඹත් අස්කලා කියල නියෝග දුන්න. අන්තිමේ වෙනිසියුලා තෙල් සමාගමේ ඉහලම විශේෂඥ දැනුම ඇති නිලධාරීන් පන්නා දමල තිබුන. අන්තිමේ වෙනිසියුලාවේ තෙල් වටිනාකමක් නැති දෙයක් වුනා, උද්ධමනය වැඩි වුන තරම කොතෙක්ද කිව්වොත් මුදල් පාරේ මිටි ගණන් තියෙනවා, පුච්චන්න තරම්වත් වටින්නේ නැහැ. දැන් ඔවුන් ඒවා සාධාරනීයකරණය කරන්නේ අමෙරිකානු ඇඟිලිගැසීම් කියල. එත් කාලෙකට ඉහතදී වෙනිසියුලාවේ තෙල් සමාගම සතුව ඇමරිකාව පුරා විහිදුනු තෙල් අලෙවි ජාලයක් තිබුන, දුප්පත් අමෙරිකන් මිනිස්සුන්ට සහන මිලට තෙල් දෙන්නත් කටයුතු කරලා තිබුන. ඔන්න අමනෝඥ පාලනයක් විසින් රටක් වනසන හැටි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site