IMG-LOGO

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු අටදහසක්

(නිමල කොඩිතුවක්කු)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

එම ප්‍රමාණයට අමතරව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම යන සේවක සංඛ්‍යාව සහ රා. ප. ච  19/2022 සහ 2022.09.14  දිනැති චක්‍රලේඛයේ අනුව දෙසැම්බර් 31 වන විට තවත් විශාල සේවක පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා  සඳහන් කළේය.

දුම්රිය මාර්ග, පාලම්, සංඥා සහ දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමය නොමැති වීමෙන් දුම්රිය සේවය බරපතළ කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය මාර්ග, පාලම්, සංඥා, ධාවනාගාර කර්මාන්තශාලා ගොඩනැගිලි අංශවල සිදු කරන නඩත්තු කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපාංග නොමැති වීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවත් විතානගේ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවත් නියමිත පටිපාටියන්ට අනුකූලව අදාල බඳවාගැනිම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.



අදහස් (8)

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු අටදහසක්

Prase Tuesday, 25 October 2022 12:16 PM

මේවගේ වැඩ කරන්න වෙනත් ප්‍රයිවෙට් කොම්පැනි එකකට දෙන්න ඕනි. ස්ථිර සේවකයෝ බඳවා ගත්තොත් නිකම් පඩි ගන්න හොරු විතරයි ඉන්නේ.

:       0       2

de silva berlin Tuesday, 25 October 2022 12:48 PM

රජයේ වෙනත් ආයතනවල වැඩිපුර සිටින සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අලුත් සේවකයන් අවශ්‍ය ස්ථාන වලට අනුයුක්ත කරන්න. පුහුණු කරලා ගන්න කාලයක් යාවි. නමුත් අනාගතයේදී ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්නෙ විසදෙනවා. පාලකයන් මොකුත්ම නොකර උඩබලාගෙන සිටියොත් දුම්රිය සේවය පමණක් නොවේ මුළු රටම කඩා වැටෙනවා.

:       0       1

ravin Tuesday, 25 October 2022 12:54 PM

සේවකසංගම් කැමති තම තමන්ගේ බලය වැඩිපුර පෙන්වීමටයි. නිසි අධ්‍යනයකින් පසුව තක්ෂණය උපරිමයෙන් භාවිත කොට අවශ්‍ය සේවකයින් බඳවා ගත්තට කම් නැත. උදාහරණ ලෙස දුම්රිය රියදුරන් නියාමකයින් අවශ්‍ය ප්‍රමාණයට බදවා ගෙන තාක්ෂණය හා සම්බන්ධ කර ගැනීමෙන් කාර්යක්ෂම සේවයක් ලබාදිය හැක. එසේ කළවිට අනිකුත් රථවාහන අවම වශයෙන් භාවිත වනු ඇත. එවිට එකිනෙකාගේ සාක්කුවලටත් පොදුවේ රටටත් සෙතක් වේවි.

:       0       0

Lal Tuesday, 25 October 2022 01:22 PM

Privatize this mess

:       0       1

Nishantha perera Tuesday, 25 October 2022 01:28 PM

පුරප්පාඩුව ගැන කුමක් කිව හැකිද?

:       0       0

thilina Tuesday, 25 October 2022 01:45 PM

අතිරික්ත සේවක පිරිස් සිටින වෙනත් රජයේ ආයතන වලින් සුදුසු පුද්ගලයන් අනුයුක්ත කරන්න මහා බුද්ධියක් ඕනද?

:       0       1

Kamal Tuesday, 25 October 2022 01:50 PM

දුම්රිය වහාම පුද්ගලිකරනය කරන්න. තමන්ගෙ නෑයො දරුවො දාගන්න තමා ඔය හදන්නෙ.

:       0       0

චින්තක Tuesday, 25 October 2022 03:15 PM

දැනට රාජ්‍ය සේවයේ අතිරික්ත පිරිසක් ඉන්නවා කියනවානේද ඒ අතර ගෝඨාභය රැකියා දුන්නු සුදුසුකම් නැති ලක්ෂයක් ඉන්නවා. ඉතින් මෙම පිරිසෙන් පුරප්පාඩු පුරවන්න ක්‍රමයක් නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site