IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි

(මහින්ද නිශ්ශංක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත.

අද(12) දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.

මේ අතර දුම්රිය රියදුරන් සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 1750ක් යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

දෛනිකව ලංගම බස්රථ 5700ක් සේවයේ යොදවන අතර වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද පාසල් නිවාඩුව නිසා පාසල් සේවා බස් රථ 750ක් දුර ගමන් සේවා සඳහා ද යොදවනු ලැබ තිබේ.

 

 



අදහස් (14)

දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි

ravi Monday, 11 December 2017 07:20 AM

අලුත් සේවකයන් බඳවාගන්න තෙක්, දුම්රිය ගමනාගමනය හමුදාවට බාරදුන්නා නම් හොඳයි නේද?

:       66       565

gunarathnaMonday, 11 December 2017 08:29 AM

හැම මගුලකටම හමුදාව දාන්න ඕනේ නම් මොන කෙහෙල්මලකටද දුම්රිය දෙපාර්තමේන්තුවක් තියෙන්නේ? හමුදාව දාන එක නෙමෙයි, ඉල්ලන ඉල්ලීම් සලකා බලන එකයි කරන්න ඕනේ. දැන් විසඳුම පිළිගන්නේ නැති නම් සේරම එලවලා දාල අලුත් මිනිස්සු දාලා වැඩ කරන එකයි කරන්න ඕනේ. රටේ අහිංසක ගොවියන්ට ජීවත් වෙන්න බැරිව ඉන්නවා. බඩු මිල ඉහළ ගිහිල්ලා මුළු රටේම මිනිස්සු දුක් විඳිනවා. මේ අය පඩි වැඩි කරන්න ඉල්ලනවා. අඩුම ගානේ රටේ බඩුමිල අඩු කරන්න කියලා දුම්රිය ස්ට්‍රයික් කරනවා නම් මුළු රටේ ඉන්න සේරම උදව් කරාවි මේකට.

:       151       148

Muhan Monday, 11 December 2017 07:32 AM

දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අපොස සා.පෙළ දරුවන්ගේ විභාග කාලයේ කරන මෙවැනි වැඩ වර්ජන වෙනුවෙන් ආණ්ඩුව තදින් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. යහපාලනය ටිකකට පැත්තකින් තියලා දෙන්න ඕනේ මේවට....

:       0       536

wicki Monday, 11 December 2017 07:41 AM

අද දිනයේ එසේ සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී තිබේ.

:       66       249

RoshanMonday, 11 December 2017 03:26 PM

ප්‍රභාකරනුත් කරේ ජනතාව පළිහක් විදියට පාවිච්චි කරන එක. මෙයාල කරන්නෙත් ඒකමයි. හැබැයි මේකටත් මහින්ද ගාවගන්න එපා. තනිකරම ආණ්ඩුවේ නොහැකියාව තමයි.

:       0       0

Lakmal Perera Monday, 11 December 2017 07:51 AM

අනිවාර්යයෙන්ම මේ හීනමානකාරයින්ට නිසි දඬුවම් දියයුතුයි. කාලයක් මෙයාලා පයිලට්ලා වෙන්න ඉල්ලුවා. හරිම කුහකයෝ පිරිසක්. ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් මෙයාලට පාඩමක් උගන්වන්න පාලකයන්ට පිටකොන්දක් ලැබේවා. මහජනතාවත් මේවගේ කුහකයන්ව සමාජයේදී පිළිකුලෙන් නෙරපන්න කටයුතු කලොත් මෙයාල නැට්ට පස්සේ ගහගෙන වැඩට ඒවි !!!

:       76       575

banda Monday, 11 December 2017 07:59 AM

කතාවෙන් නැතුව මේ ටික ගෙදර යවලා ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න...

:       0       190

Thilak Monday, 11 December 2017 08:22 AM

හමුදාව දමලා දුම්රිය දුවන්න පටන් ගන්න. මේ අයගේ කවුරුවත් ළමයි අපොස විභාගය කරන්නේ නැතුව වෙන්න ඇති....

:       0       183

priyantha Monday, 11 December 2017 08:22 AM

වහාම දුම්රිය නිල නිවාස පරිහරණය කරන සියලුම වර්ජනය කරන සේවක පිරිස, නිල නිවාස වලින් ඉවත් කිරීමට කටයුතු කරනු !

:       0       604

KANDEPOLA Monday, 11 December 2017 09:02 AM

මේ වර්ජන පිටුපස ඉතා ම්ලේච්ඡ දේශපාලන අතපෙවීම් තියෙනවා. බලයට කෑදරකමේ රට කඩාකප්පල් කරන මෙවැනි බලවේග පරාජය කල යුතුයි. මෙම දුම්රිය සේවකයින් ඉතා ඉහල වැටුප් ලබන අය බව හෙළි වී තිබෙනවා. පෞද්ගලික අංශයේ වැඩිදෙනෙක් ඉතා අඩු වැටුප් වලට භාණ්ඩ හා සේවා වෙළඳපොල පවත්වාගෙන යනවා. ඒ අයගේ ප්‍රශ්න විසඳන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. හැමදාම ආණ්ඩුවේ අනුග්‍රහය ලබන රජයේ සේවකයෝ හැමදාම වැඩ වර්ජන... එහෙම නැත්නම් අකුරට වැඩ... කොහොමත් රජයේ සේවකයෝ වැඩිදෙනෙක් වැඩ කරන්නේ නෑ.

:       214       161

Kumar (Galf) Monday, 11 December 2017 09:09 AM

අයියෝ මේ ආණ්ඩුවට පොදු ප්‍රවාහන සේවය වත් හරියට කරන යන්න බැරි හැටි

:       115       172

BamunuarachchiMonday, 11 December 2017 10:59 PM

ඒ කියන්නේ ඉල්ලන ඉල්ලන සැරේට වැටුප් වැඩි කරන්න කියලද ?

:       0       0

පිටිගල මිලානෝ Monday, 11 December 2017 09:20 AM

තාවකාලික විසඳුම් මගින් හෝ දුම්රිය සේවාව පවත්වාගෙන වර්ජකයින්ව වැඩි කාලයක් පඩි රහිතව ගෙවල් වලට කොටුකර තබන්න.

:       0       101

kumara Monday, 11 December 2017 09:32 AM

දැන්වත් ඉන්දියාවට ඇරලා හමුදාවේ අයව පුහුණු කෙරුවොත් ඊලඟ වර්ජනයට මුහුණදෙන්න පුළුවන් වෙයි.

:       0       144

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site