සෞදි අරාබියේ නැගෙනහිර පළාත් අල්මරායි අන්තර්නිවාස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට දමාම් ශ්‍රී ලංකා පිල සමත්විය. එහි අනුශූරතාවය අල්මරායි පබෙල් පිල හිමිකර ගත්තේය. තරගාවලිය දමාම්හි රාකා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
තරගාවලිය සදහා කණ්ඩායම් 8 ක් සහභාගී වූ අතර සියළුම ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකිකයෝ වූහ. ඕවර් 15 කට සීමා කර තිබූ තරගාවලියේදී අවසන් පූර්ව තරගයේදී පබෙල් කණ්ඩායම ලකුණු 116 ක් හඹා ගිය අතර දමාම් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 13 කදී කඩුළු දෙකක් දැවී ජයග්‍රහණය හිමිකරගත්හ. පබෙල් කණ්ඩායම ඕවර 15 කදී ලබා ගත් ලකුනු 116 තුළදී කඩුළු 9 යක් දැවී ගොස් තිබුණි.
තරගයේ වීරයා සමිමානය පබෙල් කණ්ඩායමේ මොහොමද් වහාර් හිමිකරගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස දමාම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංගීත් නාමල්ද, දක්ෂතම පිතිකරු ලෙස ඇන්ඩෘ දි සිල්වා සමිමාන හිමිකරගත්හ. අවසන් තරගයේ වීරයා ලෙස දමාමි ශ්‍රී ලංකා පිලේ චතුරද සිල්වා සමිමානය හිමිකරගත්තේය.
ජයග්‍රාහී දමාම් ශ්‍රී ලංකා කණ්ඩායමට චතුර ද සිල්වා(නායක), සුධීර ද සිල්වා(උපනායක), ඩිලාන් ලක්මින්ද, නිශ්ශංක ගමගේ, මොහාමද් හසාජි, ඉලංගේ, සුසිත් රංජිත්, දිලාන් පොර්රා, සංගීත් නාමල්, රොෂාන් සමරසිංහ, හර්ෂ දොඩංගොල්ල, සංජය සතරසිංහ, මොහාමද් සරීනා, චන්දන නානායක්කාර, ප්‍රසාන්ත කුමාර ඇතුලත් වූහ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දමාම් ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ශූරයෝ