මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹානට කිලෝමීටර් 32කි. මේ දරුවන්ගේ පියා සී.එම්. ගුණසේකර මහතා (46) ගොවියෙකි. ඒත් හරි ආදායමක් නැත. අගහිඟකම් බොහෝය. පදිංචිව සිටිනුයේ කටුමැටි ගැසූ ගෙයකය. එළිය කුප්පිලාම්පුවෙනි. මව ආර්.එම්.සුමනාවතී (34) මහත්මිය කියනුයේ දරුදෙදෙනාගේ හිස් දෙක පැවැති ආකාර අනුව මව් කිරි දීමට අපහසු බවයි. ඉපැදුනේ කොළඹ ද සොයිසා රෝහලේදීය. දරුවන් වෙන් කළ හැකි දැයි වෛද්‍යවරුන් මෙතෙක් උපදෙස් දී නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. දෙබිඩිදරුවට තන කිරීදීම අමාරුය. වෛද්‍යවරු ඔවුනට නියමකළ කිරිපිටි වර්ගයේ මිල ද අධිකය. ඔවුන්ගේ ලිපිනය සී.එම්. ගුණසේකර මල්ගස්තලාව, තඹාන,රුවන්වෙල මොනරාගල.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දෙබිඩි දරුදෙන්නාට මාසයයි
සමන්ත Tuesday, 18 September 2012 04:27 AM
ඇයි ඔයාලා මේ වගේ දේවල්වලට සද්දේ නැත්තේ ??? (ස)
රංජිත් Tuesday, 18 September 2012 06:05 AM
කරුණාකර දෙමාපියන්ගේ දුරකතන අංකයක් පළ කරන්න. (නි)
චන්ද්‍රා Tuesday, 18 September 2012 01:41 PM
මේ දරුවන්ට පිහිට වෙන්න බැරිද අපිට
සරත් Tuesday, 18 September 2012 08:47 AM
හැකි අයුරින් උදවු කිරීමට ගිණුම් අංකයක් පළ කරන්න. (නි)
නිශාන්ත Tuesday, 18 September 2012 09:01 AM
කරුණාකරල මේ අයගේ බැංකු ගිණුම් අංකයක් දන්වන්න.. (ස)
මලින් Monday, 17 September 2012 07:13 PM
මේ අයට උදව් කරනවානම් මෙන්න හොඳ වෙලාව.. (ස)
රිෂ්වා Tuesday, 18 September 2012 09:38 AM
කරුණාකර ඔවුන්ගේ ගිනුම් අංක ප්‍රසිද්ද කරන්න.(නදී)
සුමිත් Tuesday, 18 September 2012 02:03 PM
කනගාටුයි මට
චන්ද්‍රසිරි Monday, 17 September 2012 08:05 PM
ගිණුම් අංකය දන්වන්න.. (ස)
පෙරේරා Tuesday, 18 September 2012 10:22 AM
ජනපතිතුමාගේ අවධානය යොමුවේවා (ස).
ෂෆීක් Tuesday, 18 September 2012 10:35 AM
ලංකාදීපයට හැකිනම් ඒ මහතාගේ ගිණුම් අංකය සහ දුරකථන අංකය නැවත පත්තරේ පල කරන්න (දී)
ගමගේ Tuesday, 18 September 2012 02:35 PM
පෙර කල කරුම
චානක Tuesday, 18 September 2012 02:36 PM
කනගාටුයි
ගමාල් Tuesday, 18 September 2012 12:22 PM
මේ අයට දුරකතන අංක, බැංකු ගිණුම් අංක නෑ...මේ දුප්පත් අසරණ මිනිස්සුනේ.. ලංකාදීපෙට කතා කරලා එයාලගේ ගෙදර යන්න.. (ස)