(කේ.ජී. සුමනදාස)
සෙවණගල, ඉඳුනිල්පුර, සූරියආරේ කුඩා නිවෙසක දැඩි අගහිඟකම් මැද ජීවත්වන පවුලක 16 හැවිරිදි පාසල් සිසුවියක මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සෙවනගල, සූරියආර ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.
දැරිය සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිට ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම දැරියගේ පියා මීට පෙර මියගොස් ඇති අතර මවටද ස්ථීර ආදායමක් නොමැත. ස්ථීර පදිංචිය ඉඳුනිල්පුර ප්‍රදේශයේ වුවද පසුව නෙළුම්සිරිගමට පැමිණ කුඩා නිවෙසක් තනාගෙන ජීවත්ව සිට ඇත.
මීට පෙර මෙම දැරියගේ සහෝදරයකුද මේ ආකාරයෙන්ම මියගොස් ඇත.
මෙම සිසුවිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියකු පැවැසුවේ මේ දරුවා ඉතා හොඳ දරුවෙක්. හරිම විනීතයි. මෙවැනි සිද්ධියක් කර ගැනීම හරිම ගැටලුවක් කියාය.
මෙම මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයිද සෙවනගල පොලිසිය කියයි.
මෙම දැරිය පවුලේ දැඩි ආර්ථීක දුෂ්කරතා මත දැඩි කලකිරීමෙන් ජීවත්ව ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
පෞද්ගලික පන්තියක ගුරුවරයකුගේ සාදයකට සහභාගීවීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඇය දැඩි කලකිරීමකින් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුප්පත්කම දැරියක බිලි ගනී?
pakeer Wednesday, 16 August 2023 09:29 PM
මම හොඳටම දන්නවා මේ කියන දුප්පත් කම.මේක මේ ඔයා මම කියන දුප්පත් කම නෙමෙයි.ඊට වඩා හරිම දුක්බරයි .කොටින්ම අඳින්න ඇඳුමක් නැහැ .ඉල්ලන්න බැහැ .උඩට ඇන්දත් .යටට අඳින්න නම් නැහැ .එළවළුවක්,පළතුරක් කන්න නැහැ .මසක් මාළුවක් නැහැ .එක වේලයි .නැතිනම් සම්බෝල
rattu Thursday, 17 August 2023 08:31 AM
රටෙ ලොක්කන්ට පෙනෙන්නෙ වතු ජනතව සහ උතුරු නැගෙනහැර ජනතාවගෙ ප්‍රශ්ණ විතරයි.
චන්දනThursday, 17 August 2023 11:12 AM
මේ එක සිද්ධියක් විතරයි. මෙවැනි තත්ත්වයේ ඉන්න ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නව. බහුගිය වසරක විතර කාලයේ ඉඳලා මෙවැනි අය දෙතුන්ගුණයකින් වැඩි වෙලා.
මහීලල් Thursday, 17 August 2023 07:32 PM
ආණ්ඩුව වියදම් කරලා, ඡන්ද තියලා පත්කර ගන්න දේශපාලකයිනුයි, අනිත් ගමේ ඉන්න නිලධාරින් හතර දෙනයි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.