IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් දෙලක්ෂයක්

සෙනසුරාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 212,326 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසුව පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන එය යැයි ද පැවසේ.

එහිදි වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලිනි. මීට පෙර දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ජූනි 28 වැනිදා ය. එම ගණන 189,077ක් විය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතය මේ වනවිට රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.

දිනකට වාර්තා වන නව කොරෝනා වයිරසය ආසාදිත මරණ ගණන තවමත් 5,000 අගයේ පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා (5) මිලියන 11 ඉක්මවා ගියේ.ය වයිරසය හේතුවෙන් මේ වනවිට,මාස හතක් ඇතුළත ලක්ෂ හයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇත.

රොයිටර්

055



අදහස් (0)

දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් දෙලක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site