
(ගයාන් සූරියආරච්චි)
සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසියට ප්‍රදානය කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඕල්කට් මාවත පිහිටි සී.සී.ටී.වී කොට්ඨාසයේදී සිදුකෙරිණි.
තාක්ෂණික දැනුම සම්බන්ධ ආයතනයක් වන ප්‍රීමා කළමනාකරණ ආයතනය විසින් එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමූ අතර පොලිසිය සහ ප්‍රීමා කළමනාකරණ ආයතනය අතර ගිවිසුම් අත්සන් කිරීම නිල වශයෙන් එහිදී සිදුකෙරිණි.
ප්‍රීමා කළමනාකරණ ආයතනයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එම මෘදුකාංගය පිරිනැමූ අයුරු. පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති තිසර ගමලත්, සී.සී.ටී.වී කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහි වෙති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්
තුෂාර Tuesday, 21 January 2025 07:15 PM
මාර්ග නීති රැකගෙන මෙහෙ පාරවල් වල යන්න නම් හෙට යන්න තියෙන ගමන අද යන්න වෙයි
kumaraWednesday, 22 January 2025 08:05 AM
වැදි යුගයේ වීදි සංචාරය කළ සුද්දෙක් යළි ඉපදිලා...
ජනරළ Tuesday, 21 January 2025 09:45 PM
දිගටම මේ රාජකාරිය කරන්න ගියොත් මේ රාලහාමිලගේ ඇසුත් නරක වෙයි බඩ ගෙඩිත් වැඩි වෙයි.
බකල ජයාWednesday, 22 January 2025 12:55 AM
ඇස් නම් මම දන්නෑ, බඩගෙඩි නං දැනටමත් නරක්වෙලා පාරෙදි කන ඒවට
Perera Wednesday, 22 January 2025 08:01 AM
CCTV වලින් මාර්ග නීතිය කඩන රියදුරන් අල්ලන වෙනත් රටවල් තියෙනවාද?
ජිල්බු Wednesday, 22 January 2025 01:56 PM
තියෙනවා.