‘වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 100කින් වැඩි කරන්න නැතහොත් අපි වැඩ වර්ජන කරනවා‘ යැයි කඳුරට නව ගම්මාන පහසුකම් හා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනය සංවිධානය කළ සත්‍යග්‍රහයට එක්වෙමින් පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් දැනට අවුරුද්දයි මාස 4ක සිට වැඩි කර නැති බවත් තොන්ඩමන් ඇමැතිවරයාගෙන් තමන් ඇතුළු පිරිස දිනකට රුපියල් 100 බැගින් මසකට 2500ක් පමණක් ඉල්ලූ බවත් දින 14ක් තුළ පිළිතුරු නොලැබුණහොත් කම්කරුවන් සමග වැඩවර්ජනයකට යන බවත් ඔහු කීවේය.
සත්‍යග්‍රහය සඳහා ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධාක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.