IMG-LOGO

දක්‍ෂිණ අධිවේගීයේ වාහන 4ක් ගැටේ

(යොහාන් භාසුර)

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අනතුර සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිසිය සහ අධිවේගී මාර්ග නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (5)

දක්‍ෂිණ අධිවේගීයේ වාහන 4ක් ගැටේ

ss Friday, 21 January 2022 12:59 PM

මේ අධිවේගී මාර්ගයේ අනතුරු වෙන්නෙත් සාමාන්‍ය මාර්ගයේ අනතුරු වෙනවා වගේ නොහික්මුණු රියදුරන් නිසයි. වමෙන් ඉස්සර කරන හෝන් ඔබගෙන් එලවන අවිනීත රියදුරන් වැහි වැහැලා..

:       0       7

බද්රානි Friday, 21 January 2022 02:23 PM

ඉස්සර කරත්ත, තිරික්කල් කාරයින් රේස් යනවා වගේ තමයි ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන පදවන්නේ. මංතීරු දෙකක් තිබුණත් තීරු දෙක වෙන්කරන මැද ඉර මත වාහනය පදවමින් යන රියදුරන්, ඒ වගේම මංතීරු මාරු කිරීමේදී සිග්නල් නොදමා අනෙක් මංතීරුව තුළට දැමීම සුලබ දර්ශනයක්. ඒක ලංකාවේ රියැදුරන්ගෙන් සියයට අනු නවයකට තිබෙන රෝගයක්. මහපාරේ තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීත්වය තමයි මේ නොහික්මුණු රියදුරන්ගෙන් පිළිඹිබු වන්නේ. දුරකථන භාවිතය ගැන පොලිසිය මීට වඩා නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. පුදුමේ කියන්නේ, කාන්තාවක් වාහනය ඉස්සර කළොත් කුලප්පු වෙනවනේ ලංකාවේ රියදුරන්... ඊට පස්සේ හරියට නිකම් පසුපසින් කුලප්පුවෙලා පන්නගෙන එන මීහරක් වගෙයි මට නම් හැඟෙන්නේ... ඒත්, ඉතින් මීහරක් වුණත් මොවුන්ට වඩා සංවරයි කියලා හිත හදාගෙන වාහනය පදවනවා. වෙන ඉතින් මොනවා කරන්නද මේ අමනයින්ගේ රටේ... ?

:       0       7

NalinFriday, 21 January 2022 03:25 PM

සම්පූර්ණ ඇත්ත .100% එකඟයි

:       0       4

ගමේ එකාලා Friday, 21 January 2022 06:28 PM

පහුගිය කාලේ පුරාවටම අධිවේගී මාර්ගවල අනතුරු ගැන අහන්න ලැබුණා. අධිවේගෙන් ඉගිල්ලෙන්න හදන අය නිසා වෙන්ඩැති...

:       0       0

Rohana Friday, 21 January 2022 10:00 PM

මාර්ගයේ දකණු පසින් හිමින් යාමත්, දකුණුපස මංතීරුව නිදහස් නොකර දිගටම ගමන් කිරීමත් අනතුරුවලට හේතු වී ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site