ජාත්‍යන්තර ”සේව් ද චිල්ඩ්රන් ” ආයතනය 2015 වර්ෂය සඳහා සකස් කළ “ලෝකයේ මව්වරුන්ට හිමි තත්ත්ව දර්ශකය” ට අනුව ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය ලබාගෙන ඇත. මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ රටවල් අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇත. මෙම දර්ශකයේ දී මාලදිවයිනට ද හිමිව ඇත්තේ 92 වැනි ස්ථානයයි.
”ලෝකයේ මව්වරුන් හිමි තත්තවය පිළිබඳ දර්ශකයේ ” පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් ලබාගෙන ඇති අතර දර්ශකයේ අවසාන රටවල් මධ්‍යම ජනරජය, කොන්ගෝව සහ සෝමාලියාව පත්ව ඇත.
රටවල් 179 ක් යොදාගෙන සකස් කළ මෙම දර්ශකයේ සඳහා “කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය , අධ්‍යාපනය ලැබීමේ හැකියාව, ආර්ථික දියුණුව සහ කාන්තා දේශපාලන සහභාගිත්වය”යන කරුණු පිළිබඳ මෑතකාලින දත්ත යොදාගෙන ඇත.
නේපාලයට 114 වැනි ස්ථානයට ද , භූතානය 122 වැනි ස්ථානය ද , ඉන්දියාවට 140 වැනි ස්ථානය ද, පාකිස්ථානයට 149 වැනි ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට 152 වැනි ස්ථානය ද හිමිව ඇත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු ආසියාවෙන් ලංකාව මුලට
පිටබැද්දර ජයා Thursday, 07 May 2015 02:20 PM
පුත්තු අම්මව මරණ රටේ මේ තරමින් ගිය මදැයි !(හේ)
පෙරේරා Thursday, 07 May 2015 09:18 AM
ඕවායේ ඇත්ත නැත්ත ලංකාවේ ඉන්න අයගෙන් ඕනා දැනගන්න.(ම)
දුමින්ද Thursday, 07 May 2015 10:05 AM
දකුණු ආසියාවෙන් ඔබ්බට කවදද (ම)
සුනිල් ගිකියනගේ Thursday, 07 May 2015 11:08 AM
ඒ අයට එක එක විදිහට නිර්නායක හදාගෙන තමන් එක කියල තෝරනවා. මගේ අම්මා තමයි අම්මල අතර අංක එකට ඉන්නේ. (බ)
සාගර Thursday, 07 May 2015 11:14 AM
විදේශ වල සිටින ඇතැමුන්ට මෙය දරාගත නොහැකිවා වාගේය.මව්වරුන්ට (සාපේක්ෂව)යහපත් අප රටට ලැබී ඇති ස්ථානය ගැන සතුටුවිය නොහැක. එහෙත්, කලාපිය සෙසු රටවල් දෙස බැලීමේදී අප ලබා ඇති ස්ථානය පිළිබඳව අපට වඩාත් සතුටුවිය හැක. (නි)