ජාතිවාදය වපුරන උදය ගම්මන්පිල, විමල් වීරවංස, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි අය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී සී.මයුරන් පැවසීය.
එමෙන්ම මොවුන් සිරගත කළ නොකලහොත් දෙමළ ජනතාවට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසදුමක් ලබාගත නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ උතුරු මහ ඇමතිවරයාට එරෙහිව වවිනියාවේදී සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කොටි සංවිධානය සිටි කාලයේ කිසිදු බලවේගයක් කොටි සංවිධානයට එරෙහිව හෝ දෙමළ දේශපාලන නායකයින්ට එරෙහිව හෝ කිසිදු හඩක් නෙනැගූ බවත්, වව්නියාවේ සිංහල ජනතාව දෙමළ ජනතාවගෙන් වෙන්කිරීමේ අරමුණින් ඇතැම් බලවේග පසුගියදා වව්නායාවේදී සිදුකළ විරෝධතාවය ජාතිවාදය වැපිරීමක් සේ දකින බවත් ඔහු කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දකුණේ අන්තවාදීන් හිර කරන්නලු
සහන් Friday, 07 October 2016 09:05 AM
ඔව් ඔය කියන සිංහල ජාතිවාදීන් මෙන්ම ඔබ වගේ දෙමල ජාතිවාදින්වත් හිරකරන්න ඕනේ. එතකොට නම් මම හිතන්නේ රටේ ජාතිවාදීන් නැතිවෙයි (බ)
ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 09:12 PM
පුලුවන්නම් ලංකාවේ තිබෙන දෙමළ මිනිස්සු පදිංචි නැති නගරයක් නම් කරන්න. රටපුරාම ජීවත්වෙන සිංහල අපට නැති දෙමළ මිනිසුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද? සිංහල අපිට මොනවද තිබෙන්නේ? දැන් තිබෙන තත්වය අනුව යාපනයට ගොස් බුදුන් වඳින්නත් බැහැ වගේ. ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකික පුරවැසියන් සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුය (නි)
ගගන Friday, 07 October 2016 09:30 AM
යුද්ධ කාලේ ටී එන් ඒ එක යුරෝපේ සවාරි ගියා මතකද? කෝ නුඹ නැඟූ හඬ? නුඹ කොහෙන්ද ආවේ? (නි)
සංජය Friday, 07 October 2016 09:33 AM
විමල්, ගම්මන්පිල වැනි අය සිංහල ජාතිවාදීන් වගේ දකිනවා නම් මට හිතෙන්නේ සහන් ඔයාගේ මොළේ ටිකක් කචල් වෙලා කියලා. (නි)
ජයන්ත Friday, 07 October 2016 09:46 AM
තව ටික දවසකින් කියාවි ඔය ඔක්කොම සිංහලයෝ ටික අල්ලලා දෙවුන්දරතුඩුවට දාන්න කියලා. කොහොමද දැන් සැපද? (නි)
ශෂික Friday, 07 October 2016 10:58 AM
ඔව් ඉතින් උතුරේ ඉන්නේ ජාතිවාදියෝ නෙවෙයිනේ. එකනේ උතුරට සිංහල තහනම් කියන්නේ. (ර)
ටෙහාන් Wednesday, 12 October 2016 02:54 AM
අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා (නි)
චාමින්ද Saturday, 08 October 2016 07:56 AM
මෙතුමා ඔය කියන දේ සිංහලෙන් කියලා තියෙනවා නම් කමක් නැහැ කියලා මට හිතෙන්නේ. සිංහලෙන් නොවේ නම් එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)
චාමර Saturday, 08 October 2016 08:00 AM
මෙතුමන්ලා මේවා කියන්නේ සිංහලෙන්ද, දෙමළෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියලත් අපව දැනුවත් කරනන්න. එතකොට හිතාගන්න පුළුවන් ලංකාව සිංහල රටක්ද, දෙමළ රටක්ද, ඉංග්‍රීසි රටක්ද කියලා. (නි)
සජී Friday, 07 October 2016 06:23 AM
ඔව් එතකොට ඔබලාට අවශ්‍ය දේවල් කිසිම බාධාවක් නැතුවම කරගන්න පුළුවන්නේ (බ)
ලුසේනා Friday, 07 October 2016 06:39 AM
මෙහෙම කියන දේසපාලුවෝ ජාතිවාදීන් නොවේද ?ලංකාවේ අද රජයක පාලනයක් තිබෙනවාද (බ)
ලක්ෂි Friday, 07 October 2016 06:40 AM
සී.මයුරන්කො ටි සංවිධානය සිටි කාලයේ කිසිදු බලවේගයක් කොටි සංවිධානයට එරෙහිව හෝ දෙමල දේශපාලන නායකයන්ට එරෙහිව කිසිඳු හඬක් නොනැගූ බවත් කියමි. පසු ගිය රාජපක්ෂ පාලන කාලයේ විග්නේෂ්වරන් අැතුළු ඔවැනි ජාතීවාදීන් නැට්ට හංගාගෙන සිටි බවත් කියමි (බ)
නිමල් Friday, 07 October 2016 06:43 AM
දැන් සතුටුද ? (බ)
මැක්ස් Friday, 07 October 2016 06:45 AM
මොකක්?? ප්‍රභා ඉන්න කාලෙත් විමල්ලා ගමන්පිලලා නම් හඞ නැගුවා. ඒත් ඔහේලා නම් හැංගිලා තමයි හිටියෙ. මෙතැන තියෙන්නෙ අන්තවාදයක් හෝ ජාතිවාදයක් නෙවෙයි. විමල්, ගම්මන්පිල වැනි අය නිසා දෙමළ ජාතිවාදීන්ට තමන්ගේ ජාතාවිදී ඉල්ලීම් ඉටු කරගන්න අමාරැ වීම. කොහොම වුනත් සැලෙන්න එපා මන්ත්‍රීතුමා.(බ)
මදුර Friday, 07 October 2016 07:20 AM
කොටි සංවිධානය ගැන තාම කියවන්නේ දුකට වෙන්නැති. (ම)