IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තේ තහනම ඉවතට

(නිමල කොඩිතුවක්කු)

රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(25) ලංකාදීපයට පැවසීය.

තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන්  සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර ඇති  තේ කොළ සහිත කන්ටේනර් බහාලූම් ලබන 30 වැනිදායින් පසු රුසියාව වෙත යැවීමට අදාළ බළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.

රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීම සඳහා පත්කර ඇති සාමාජිකයින් නම දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුව පෙරේදා(24) දිවයිනෙන් පිටත්ව ගියේය.



අදහස් (14)

තේ තහනම ඉවතට

Deva Monday, 25 December 2017 11:51 AM

යහපාලනය අපේ, රජයට අපේ උපහාරය.

:       2010       1603

SanjeewaMonday, 25 December 2017 05:16 PM

ඇස්බැස්ටස් තහනම ඉවත් කර පිලිකා වර්දනය කිරීම උදෙසා යහපාලනයට අපගේ ප්‍රනාමය.

:       2       17

BamunuarachchiFriday, 29 December 2017 07:00 AM

ඇස්බැස්ටෝස් නිසා පිළිකා හදුන් මිනිසුන් කොපමණද? එකත් හරියට මහින්ද හොරකම්කලා කීව වගේ. තාම ඇස්බැස්ටෝස් නිසා පිළිකා හැදෙනවා කියලා ඔප්පුකරලා නැත මහින්ද හොරකම්කලා කියාත් ඔප්පුකර නැත. භාන්ඩයක හෝ පුද්ගලයෙකුගේ වැරද්දක් ඇසූ පමණින් පිළිගෙන පුන පුනා කියයි භාන්ඩයක හෝ පුද්ගලයෙකුගේ හොඳක් ඇසූ මොහොතින් අමතකවී යයි. ඇස්බැස්ටෝස් නිවසක පදිංචි මිනිසුන්ගේ ආවිස වැඩිවෙනවා කීවොත් එය කාටවත් වැඩක් නැත. මෙය සිංහලයාට පමණක් තිබෙන ලෙඩක් කියා මට හිතෙන්නේ.

:       0       0

දිලාන් Tuesday, 26 December 2017 02:52 AM

තේ තහනම ඇති වීමට වගකිවයුත්තේ මොන ආණ්ඩුවද?

:       130       171

To DevaTuesday, 26 December 2017 05:34 AM

යහපාලන හොර නඩයට කඩේ යන කට්ටිය වෙනුවෙන් අපේ ඉමහත් ශෝකය. සල්ලි ලැබෙනව කියල මෙහෙමත් යහපාලානේ රෙදි අපුල්ලනවානේ

:       7       72

piyal Monday, 25 December 2017 01:52 PM

අනේ සර් අපෙන් තේ ගන්න. අපට පිළිකා හැදුනත් කමක් නැහැ ඔයාලගෙන් ඇස්බෙස්ටොස් අපි දිගටම ගන්නම්.

:       1       24

අචලා Monday, 25 December 2017 02:36 PM

එතකොට ඒ ගොල්ලෝ අපේ හොද තේ බොනකොට, අපි ඒ ගොල්ලන්ගේ පිළිකා කාරක ඇස්බැස්ටොස් යට තැම්බි තැම්බි ඉන්න ඕනේ?

:       0       16

ASBASTOS Monday, 25 December 2017 03:23 PM

ඇස්බැස්ටස් තහනම ඉවත් කරපු හින්ද තේ තහනමත් ඉවත් කරා කිව්වනම් ඉවරයිනේ. ඕක තමයි තීරණ ගනිද්දී "මොලයක් කියල තියෙන දේ පාවිච්චි කරන්න ඕනෙ කියල" කියල තියෙන්නෙ. රටේ ප්‍රධානියා වාචාල කමට කියවන දේවල් වලින් වෙන්නෙ රටටම හානි වෙන එක. කොහොමත් ඉතින් මේ යහපාලනේ ආපු දවසේ ඉදන් රටට උනේ රට විනාශ වෙන එක තමා. ස්වාභාවික විපත් නැති දවසක් මේ රටේ දැන් නැහැනෙ.

:       3       74

S were Monday, 25 December 2017 06:01 PM

ඔන්න ජාත්‍යන්තරය ජය ගන්ත්තා , රුසියාවෙන් සමාව ගත්තා..

:       4       35

hira Tuesday, 26 December 2017 02:56 AM

මේක දුන්නේ 2018 අප විසින් පනවන්න හදපු ඇස්බැස්ටස් තහනම ඉවත් කරපු නිසා. ඕක තමයි තිත්ත ඇත්ත. නැතිනම් ඔය ගිය සෙට් එක හින්දවත්, අපේ ජනදිපතිගේ හොදම හිතවතා පුටින් හින්දවත් නොවේ.

:       166       234

shelton Tuesday, 26 December 2017 03:37 AM

රුසියාවෙන්නම් ගොඩ.

:       0       10

chaminda Tuesday, 26 December 2017 07:02 AM

කුරුමිනියෙක් වත් නැති සෞඛ්‍ය හිතකර තේ අපෙන් රුසියාවට , පිලිකා කාරක ඇස්බැස්ටෝස් රුසියාවෙන් අපට , පිලිකා නැති කරන්න බෙහෙත් රුසියාවෙන් ඉන්දියාවෙන් එංගලන්තයෙන් අපට , රටේ ශ්‍රම බලකාය දුර්වල වීම අපට , පිලිකා සැදුණ විට ඔවුන්ගේ පවුල් වල අය විඳින දුක දන්නේ අපි විතරයි , අපේ රට හිඟමනට ඇදල දාපු , නිදහස ලැබුන දා ඉඳන් පුරසාරම් දොඩවමින් රට කරවපු පාලකයන් වුනත් දැන් අසරණයි , ජනතාව හැටියට අපි සියලු දෙනා මේ වෙලාවේ කල යුත්තේ ඇස්බැස්ටෝස් වෙනුවට උළු සහ වෙනත් විකල්ප වලට මාරු වීමයි . නව නිපැයුම් කරුවන් අලුත් දේ හිතන්න , ඉදිරිපත් කරන්න , පාරිභෝගිකයන් අලුත් දේ වෙත යොමු වෙන්න , අපි වත් මේ රට හදාගන ඉදිරියට යන්න බලමු.

:       3       2

රට වැසියා Tuesday, 26 December 2017 07:52 AM

කෙන්යාව ඒක අස්සෙ ටීම් එකක් යවල තමන්ගේ තේ වලින් ලංකාවට ගේම දෙන්න ගියා කියලයි ආරංචිය. නමුත් ලංකාවෙ තේ වල ප්‍ර‍මිතිය අසමසමයි. මේ වගේ ප්‍ර‍ශ්න ඇති උනාම වගකිවයුතු අයරට ගැන හිතල වගකීමෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ශ්‍රී ලාංකිකයන් විදියට අප මේ ගැන අතිශය ලැජ්ජා විය යුතුයි.මේ පාඩම අපි ඉගෙන ගන්නකම් අපේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ.

:       0       9

ramanayaka Tuesday, 26 December 2017 08:56 AM

ලොව දිනූ නායකයන්ගේ යහපාලනයයි - ගොන් පාලනයයි.....

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site