IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට

රංජන් කස්තුරි
 
ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් එරටට යෑමට නියමිතය.
 
එම නිලධාරීන් ගොස් සාකච්ඡා කිරීමෙන් පසු තමා රුසියාවට ගොස් අවශ්‍ය දේශපාලන මැදිහත්වීම ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
 
නිලධාරීන් අඟහරුවාදා (19) රුසියාවට යෑමට නියමිතය.



අදහස් (11)

තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට

රාජුන් Sunday, 17 December 2017 05:13 PM

ඇයි රුසියාවෙ තානාපති කෙනෙක් නැද්ද? වරක් ඕස්ට්‍රේලියාවේ මෙවැනි තත්වයක් පැනනැගුණා... මස් සම්බන්ධව අරාබි රටක් සමග. මෙහෙන් ගියේ නිලදාරින් තුන් දෙනයි එය සමතයකට පත් කිරීමට. ඔවුන් එම විෂය පිලිබඳ හොඳින් උගත් අයයි. තානාපති කාර්යාලයත් සමග එක්ව එම තත්වය සතියකින් සමතයකට පත්කලා. ඔය ලංකාවෙන් යන නිලධාරීන්ගේ නෝනලා, ළමා ලපටි, නෑනලා, මස්සිනාලා, අම්මලා තාත්තලා යන්නේ නැද්ද?

:       0       1

kavantissa Sunday, 17 December 2017 06:28 PM

දියුණු රටවල තියෙන ප්‍රමිති ක්‍රියාදාම වල කිසිම දැනුමක් නැතිව කටයි බඩයි පමණක් තියෙන රොත්තක් රුසියාවට යැවීම නිෂ්ප්‍රයෝජන ප්‍රයත්නයක් බවට පරිවර්තනය වෙයි. විෂම වූ තේ තොගය ආපසු ගෙන්වා ගෙන ඒ වෙනුවට හොඳ තේ තොගයක් යැවීම සුදුසු ප්‍රතිකර්මයක් වෙයි.

:       0       16

nuwan Sunday, 17 December 2017 07:34 PM

මෙම නත්තල් හා නව අවුරුදු නිවාඩු කාලයේදී මොස්කව් නගරයට පැමිණි ලාංකිකයන්ගේ තේ ගැටළු විසඳීම කෙසේවෙතත් රුසියානු වොට්කා වීදුරුවක් බීමටද මහඟු අවස්ථාවක් උදාවනු ඇත.

:       0       151

Hora Polis Sunday, 17 December 2017 09:15 PM

දැන ගන්න තියෙන විදියට මේ විනාශයට සම්බන්ධ දූෂිත නිලදාරීන්ම තමයි යන්නේ. එ්කත් හොඳයි තමයි. හොරාගේ අම්මගෙන් පෙන ඇහුවා වගේ.

:       0       17

Sathyayaa Sunday, 17 December 2017 11:50 PM

අර අමුණේ වැලි ගොඩ දාපු එක්කෙනෙක් රජයේ සල්ලි වලින් ප්‍රශ්නයක් විසඳන්න කියල ඩුබායි ගිහින් හිස් අතින් ආපහු ආව වගේ වැඩක් වෙයිද දන්නේ නැහැ. දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන ආව වගේ මේ කට්ටිය යුක්රේන පැත්තෙත් ගිහිල්ල එයිද දන්නේ නැහැ.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 18 December 2017 02:27 AM

තේ ගැටළුව ලිහන්න නිලධාරීන් රුසියාවට යන්න ඕනේ නැහැ. මේ රටේ තේ අපනයන කරන විට හොඳට පරීක්ෂා කරන්න. කුරුමිණියෝ නොවෙයි ලඟදී මීයොත් යයි කැලි කසල තේ එක්කම ...

:       0       1

DAMS Monday, 18 December 2017 02:51 AM

ඇස්බැස්ටෝස් තහඩු තහනමෙන් ලැබුණු තෑග්ග තමයි ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන තේ ඇතුළු සියලුම කෘෂි නිෂ්පාදන දෙසැම්බර් 18දා සිට රුසියාව ඇතුළුව කසකස්තානය, බෙලොරුසියාව, කිරිකිස්තානය, තජිකිස්තානය යන රටවල් සඳහා ආනයනය නතර කිරීමේ තීරණයයි. අමාත්‍යවරුන් ඇතුළු පිරිස, ටෙකේව් ඇලෙක්සැන්ඩර් නිකොලයිවිච් රුසියානු කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාගේ ආරාධනාවක් හෝ නොමැතිව මොස්කව් නගරයට සංචාරය කරන්නේ නත්තල් හා අවුරුදු නිවාඩු කාලයේදීය. මෙම කාලයේදී මොස්කව් පැමිණෙන ඇමති මල්ලිලාට මීට අවස්ථාවක් උදාවනු ඇත. ඒ අතර තේ කර්මාන්තයට නිකං ලැබෙන ඇස්බැස්ටෝස් “තේ”කුරුමිණියා ඉතිහාස ගතවනු ඇත.

:       0       11

samira Monday, 18 December 2017 03:29 AM

තේ ගැටලුව කෙසේවෙතත් ෂොපින් ගැටළු එහෙම විසඳගෙන එයි...

:       0       16

sunil Monday, 18 December 2017 04:11 AM

නැව ගිළුනත් බෑන් චුන් කියන්නේ මේවාට තමයි. යැව්ව තේ කොළවල වටිනාකමට 10 ගුණයකින් වැඩිවේවි... කට්ටියගේ රුසියා ගමනේ වියදම්. මේවගේ දේශීය හිතවත් නිලධාරීන් අපේම වාසනාවට තමා ලැබිල තියෙන්නේ? කුරුමිණි ඉන්න තරමට මෙයාලට වාසියි.

:       0       12

samMonday, 18 December 2017 07:27 AM

සුනිල්, මේ ගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ මාසික වාර්තාව බැලුවානම් හොයා ගන්න පුළුවන් කොයි කොයි ෂොපින් මෝල් වල මේ සාකච්ඡා පැවැත්වුවාද කියලා.

:       0       11

Nuwan Monday, 18 December 2017 10:03 AM

මේ කෘමියා තේ වල වෙසෙන කෘමියෙකු නොව ධාන්‍ය වල වෙසෙන කෘමියෙකි. ප්‍රශ්න සහගත ලංකාවේ තේ යවා ඇත්තේ තුර්කියේ වරායකින් තුර්කියේ කන්ටේනර වලයි. කෘමියන් සොයාගෙන ඇත්තේ ලංකාවේ තේ වල නොව එම කන්ටේනරය තුළ තේ වලට අමතරව රැගෙන යමින් තිබුණු තේ ඇසුරුම් කිරීමට අවශ්‍ය ලිඛිත සහතික නොමැති කාඩ්බෝඩ් අමුද්‍රව්‍ය තුලයි. තේ කන්ටේනරයේ කෘමියා හිටියද? තහනම පනවා ඇත්තේ තේ වලට පමණක් නොව ලංකාවෙන් ගෙන්වන වැවිලි නිෂ්පාදන සියල්ලටමයි. කිසිදු වෛද්‍ය හෝ පර්යේෂණ වාර්තා නොමැතිව සිරිසේන ජනාධිපතිගේ ඇස්බැස්ටෝස් තහනම ගැන ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවෝ විසින් ශ්‍රී ලංකා රජයට කොළඹදී සිය අප්‍රසාදය පල කොට තිබුණි. මේ එහි ප්‍රතිඵලයකි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site