(බිඟුන් මේනක ගමගේ)
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන තොරතුරු දැනගැනීමේ වැදගත්කම ගැන කියැවෙන ගීතයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අද(28) කටයුතු කළේය.
ගායක සුනිල් පෙරේරා මෙම ගීය ගායනා කරයි. ගවේෂණාත්මක ලිපි සැකැසීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමක් ද ඊට සමගාමීව නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි එම ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සහකාර කර්තෘ නාමිනි විජයදාස මහත්මිය විසින් ඊට අදාළ දෙසුම සිදුකළ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කුමාර් ලෝපෙස් හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනාරච්චි යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට දුන්න කුට්ටියත් තොරතුරුත් එක්ක අපට දෙන්න.
තොරතුරු ලබාගන්න ඉල්ලුම් කරන සමහර අයට සලකන ආකාරය ගැන වරින්වර පුවත් පළවෙනවා. ඒ අනුව මට හිතෙනවා සිංදුවකට වඩා බයිලාවක් තිබුණා නම් තොරතුරු පනත වඩාත් අර්ථවත් වෙයි කියලා. මේ ගායකයාත් ඒවගේ ගායනාවලට දක්ෂයි නේ.
විස්තර බලන්නට කියලා ගත්ත අප පත්තරේ// පෙනුනේ අපට ලක් ඇදුමෙන් උන් හිවලුන්ය// ඇරියොත් කටකියන්නේ අනිකාගේ වැරදිමය// දැන් බලනවා තොරතුරටත් ගී ලියන්නට// වැඩි දෙනෙක් ජාතකයක් වත් නැති අයය//
ගීතයක් නිර්මාණය කළ පමණින් එහි හරය බලාත්මක වීම සිදු නොවේ.