IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ

තිළිණි ද සිල්වා 

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා නොර්වේජියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අද (08) කොළඹ 07  පිහිටි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

එම සමුළුව ආරම්භ කරමින් මෙරට නෝර්වේජියානු තානාපති තොර්බෝන් ගස්තාස්තෙර් මහතා සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත යන මහත්වරුන්ද මෙහි පසෙකින් වෙති.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මෙරට ක්‍රියාත්මක වී වසරක් පිරීම සහ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරමින් මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්විණි.

තොරතුරු සොයන්නන් මුහුණ දෙන අවදානම හා ඔවුන්ගේ ආරක්ෂාව , පුද්ගල දත්ත සුරක්ෂිතාතාව , තොරතුරු අයිතිය පිළිබඳ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය සතු භූමිකාව , තොරතුරු අනාවරණය හා තාක්ෂණ භාවිතාව , තොරතුරු පනතේ අනාගතය ආදී තේමා යටතේ සමුළුව පැවැත්වෙන අතර එහි දෙවැනි දිනය හෙට (09) පැවැත්වේ.

සමුළුව සඳහා නොර්වේ , ඉන්දියාව , පකිස්ථානය , මියන්මාරය ආදි රටවල් හි නියෝජිතයින් මෙරට මාධ්‍යවේදීන් සහභාගී වූහ.



අදහස් (0)

තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site