තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා නොර්වේජියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අද (08) කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.
එම සමුළුව ආරම්භ කරමින් මෙරට නෝර්වේජියානු තානාපති තොර්බෝන් ගස්තාස්තෙර් මහතා සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත යන මහත්වරුන්ද මෙහි පසෙකින් වෙති.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මෙරට ක්‍රියාත්මක වී වසරක් පිරීම සහ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරමින් මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්විණි.
තොරතුරු සොයන්නන් මුහුණ දෙන අවදානම හා ඔවුන්ගේ ආරක්ෂාව , පුද්ගල දත්ත සුරක්ෂිතාතාව , තොරතුරු අයිතිය පිළිබඳ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය සතු භූමිකාව , තොරතුරු අනාවරණය හා තාක්ෂණ භාවිතාව , තොරතුරු පනතේ අනාගතය ආදී තේමා යටතේ සමුළුව පැවැත්වෙන අතර එහි දෙවැනි දිනය හෙට (09) පැවැත්වේ.
සමුළුව සඳහා නොර්වේ , ඉන්දියාව , පකිස්ථානය , මියන්මාරය ආදි රටවල් හි නියෝජිතයින් මෙරට මාධ්‍යවේදීන් සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ