IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තොරතුරු අයිතිය ගැන රාජ්‍ය විභාගවලටත් එයි


 
(හර්ෂණ තුෂාර සිල්වා)
 

මින් ඉදිරියේදී පැවැත්වෙන රාජ්‍ය නිලධාරීන් බඳවාගැනීමේ විභාගවලදී ඒවාට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්න ඇතුළත් කරන බව ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (9) කොළඹදී ප‍්‍රකාශ කළාය.

       
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ පනත සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පසුගිය වසර වෙන් කළ බවත් එළැඹෙන වසරේදී මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කාලය වෙන් කරන බවත් ඇය එහිදි කීවාය.
 


තොරතුරු දැනගැනීමේ පනතින් ජනතාව සවිබල ගැන්වීම යන තේමාව යටතේ නෝර්වේ තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කර තිබූ දෙදින සමුළුවේදී අදහස් දැක්වමින් ඇය එම කරුණු කීවාය. ඊයේ  (8) ආරම්භ වූ මෙම සමුළුවේ අද (9)  අවසන් විය.


 
තොරතුරු දැනගැනීමේ පනතේ දැක්ම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් දිගුකල් දක්නා චින්තනය යන මාතෘකාව යටතේ පැවැති සමුළුවේ අවසන් සැසියේදී තවදුරටත් අදහස් දැක්වූ තිලකා ජයසුන්දර මහත්මිය මෙසේ ද කීවාය.


 
‘‘පසුගිය වසරේදී අපි රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් දියත් කළා. මේ වසරේදී අපි මහජනතාව තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් කිරීම සඳහා වැඩසටහන් දියත් කරනවා. අපි කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන තිබෙනවා. විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
 


රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන විභාගවලට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්න ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.   තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ උපකාරක සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
 


විශ්ව විද්‍යාල සහ පාසල් විෂය මාලාවලට තොරතුරු දැනගැනීමේ පනත සහ අයිතිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.


 
ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා බඳවාගන්නා උපාධිධාරීන්ගෙන් 300ක් ප‍්‍රාදේශීය තොරතුරු නිලධාරීන් ලෙස බඳවාගැනීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබෙනවා’’ යැයි ඇය තවදුරටත් කීවාය



අදහස් (0)

තොරතුරු අයිතිය ගැන රාජ්‍ය විභාගවලටත් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site