
(බිමල් ශ්යාමන් ජයසිංහ)
මිත්තණිය භාරයේ සිටි 15 හැවිරිදි දැරියක ගෑන්ඩ්පාස් ලෙයාර්ඩ්ස් බෝඩ්වේ නිවාස සංකීර්ණයේ තෙවන මහලින් පහළට ඇද වැටි සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය සඳහන්කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ එම් . රුෂ්ඩි රාදා නැමැති දැරියයි.
දැරියගේ මව සහ පියා කටාර් රාජ්යයේ සේවය කරන අතර දැරිය මිත්තණීය භාරයේ හැදී වැඩි ඇතැයි පොලිසිය කියයි.
දැරිය අනතුරට පත්වන අවස්ථාවේදී මිත්තණිය නිවසේ සිට ඇති අතර ඇති වූ ශබ්දයක් සමගම විමසිලිමත් වීමේදී දැරිය තුවාල ලබා වැටී සිට ඇති අතර ඇය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මඳ වේලාවකදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ හෑන්ඩ් ෆෝන් එක, නැත්නම් නොසැලකිල්ල. අවුරුදු 15 කියන්නෙ බබෙක් නෙවෙයිනෙ.