
(ඉන්දිකා රාමනායක)
නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමනගත් කාන්තාවන් තිදෙනකු වන අතර ඔවුන් 51,52 සහ 20 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. එම පිරිස බණ්ඩාරවෙල ඇල්ල කරඳගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.
සිද්ධියෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියැදුරා අසාධ්‍ය තත්ත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියැදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ බව ද පොලිසිය සඳහන් කරයි.



(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)



COMMENTS
හරිම කණගාටුදායකයි .හැමදාම බැලුවොත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ගැන තමා අහන්ඩ ලැබෙන්නේ?
මේ රටේ ලොරි බස් වගේ බරවාහන පාරේ දුවනවා විතරයි. ඒවායේ නිසි නඩත්තුවක් නැහැ. වෙලාවට සර්විස් කරන්නේ නැහැ. ගැටගහගෙන දුවනවා විතරයි. ගෙවීගිය කොටස්වල අලුත්වැඩියාවක් කෙරෙන්නේ නැහැ. කොටස් ගෙවී ඉවර වුණාම මෙන්න මේ විදිහට කැඩී යනවා. මේවාට වගකිවයුත්තන් නිහඬයි. ලයිෂන් වලින්, දඩ කොළ වලින් සල්ලි එකතුකරනවා විතරයි. කවුද මේ විනාශවෙන ජීවිත වලට වගකියන්නේ. යල්පැනගිය සීටීබී බස් කබල් ඇතුළු අබලන් වාහන මාර්ගයේ ධාවනය කිරීම නවතා දැමිය යුතුයි. ඒත්, කවුද ඒවා කරන්නේ. හෙට මේ ඔක්කොම අමතකයි.
දැන් ලංකාවේ වාහනවල අමතර කොටස්, ටයර් හිඟය... මේ අවුරුද්ද අවසාන වෙනකොට මෙවැනි අනතුරු විශාල ලෙස වාර්තා වෙන්න පුළුවන්.
මගේ මවුපියොත් දැන් ගොඩක් වයසයි. බස්වල යන්න එන්න හරි අමාරුයි. ඉතින් මාත් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. එකෙන් ත්‍රී වීල් එකක් ගන්නවා. වෙන වාහනයක් ගන්න සල්ලි නෑ. යාළුවන් කියනවා එ්ක හරි මෝඩ වැඩක්... ජපන් එකකට පලයන් කියලා, එ්ත් ලක්‍ෂ 6 කට ගන්න වෙන්නේ අවුරුදු 30ක් 35ක් පරණ ජපන් එකක්, ඉතින් පරණ ජපන් එකක් ගත්තත්, කැඩුණොත් හදන්න සල්ලි නෑ. ඉතින් වෙන විකල්පයක් නෑ මාත් ත්‍රී වීල් එකක් ගන්නවා. පරිස්සමෙන් පදිනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ, හැප්පිලා මැරුණොත් ඔක්කොම එක පොදියට මැරෙන නිසා ඒ ගැන දුකකුත් නෑ ..
හැංගී දඩකොළ දෙනවාට වඩා ඉදිරියට යාමට පොලීසියට නොහැක..
පැතුම් පුතාගේ කමෙන්ට් එක දැක්කාම සෑහෙන කණගාටුවක් ඇතිවෙනවා.