(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
එකලොස් වයසැති අයියා වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන්ල රෝහල්ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
පස්යාල දෙමටදෙණිකන්දේ දැරියක මෙම අනතුරට මුහුණ දී ඇත.
වායු රයිෆල් උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසා කරගෙන ගොස් ඇතැයි ද දැනට දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
තම වැඩමල් සහෝදරයා වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙසේ දැරියට වැදී ඇත.
COMMENTS
ඇමෙරිකන් සංස්කෘතිය නැගලා යනවා නේද? තාම පටන් ගත්තා විතරයි..!
මෙවැනි උපකරණ දරුවන්ගේ අතට හසුවන දේ තබන්නේ ඒ දෙමාපියන් තවම ගල් යුගයේද.?
සල්ලි ගොඩක් තියෙන මොලේ කලඳක් නැති සමහර දෙමව්පියන් සහ ඔවුන්ටම ගැලපෙන විදියේ දරුවෝ ඉන්න ගෙවල්වල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන බව දනිමු.
වායු රයිපලය අයිතිකරු වහාම අත්අඩංගුවට ගන්න ඕනේ මොකද මෙවැනි උපකරණ දරුවකුගේ අතට පත් කිරීම නිසා
වායු රයිෆල් වල අවශ්‍යතාවය පවතින ප්‍රදේශ තියෙනවා. ඒත් අවුරුදු 11 ක් දරුවෙකුට එවැනි දෙයක් භාවිතයට ඉඩදීම දෙමව්පියන්ගේ වරදක්. එම වරදට දඩුවම් විදින්නේ කිසිවක් ගැන අවබෝධයක් නැති කුඩා දියණියක්.