IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තැන තැන තොරණ:බැතිමතුන්ගෙන් කොළඹ පිරේ

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරමින් රටපුරා වෙහෙර විහාරස්ථාන  වෙසක් සැරසිලිවලින් අලංකාර විය.

වෙහෙර විහාරස්ථාන මෙන්ම විවිද සංවිධාන මගින් මෙම වෙසක් සැරසිලි සංවිධානය කර තිබුණි.

කොළඹ නගරයේ වෙසක් කාලාප රැසක් සංවිධානය කර තිබූ අතර තොරණ රැසක් ද ප්‍රදර්ශනය කර තිබුණි.

මහා මයුර ජාතකය රැගත් තොරණ අතුරුගිරිය නගරයේ ඉදිකර ඇති අතර චුල්ල ධර්මපාල ජාතකය රැගත් තොරණ කැලණිය විහාරයේ ප්‍රදර්ශනය කරයි.

කොට්ටාව නගරයේ අපණ්ණක ජාතකය රැගත් තොරණ, ගංගාරාම විහාරය ඉදිකළ තොරණ මගින් මහා හංස ජාතියක පිළිඹුබු කරයි. ගාලුමුවදොර ආසන්නයේ කච්චායන ජාතකය විදහා දැක්වෙන තොරණ ප්‍රදර්ශනය කෙරෙන අතර තොටළඟ යශෝදර චරිතාපදනය පිළිඹිබු කරයි. මීට අමතරව නෙළුම් කුළුන ද බෞද්ධ කොඩිය හැඩයට අලංකාව විදුළි බුබුළුවලින් වර්ණවත් කර ඇත.වැලිකඩ බන්ධනාගාරයද අලංකාරව සරසා තිබුණි. වෙසක් නරැඹීමට පැමිණි බැතිමතුන්ගෙන් කොළඹ නගරය පිරිගොස් තිබූ අතර ඇතැම් මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවැතියේය.

මිට අමතර ගම්පහ කළුතර වේයන්ගොඩ ඇතුළු නගරවල වෙහෙර විහාරස්ථාන මූලික කරගනිමින් විවිධ වූ වෙසක් සරසිලි මෙන්ම පෙරහරද සංවිධානය කර ඇත. වෙසක් සතිය මුළුල්ලේ මෙම වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශනය කරයි. බැතිමතුන්ගේ පහසුව සඳහා බත්,සිසිල් පැන් ඇතුළු විවිධ දන්සල් ද සංවිධානය කර ඇත.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

අතුරුගිරිය

තොටළග

ගාලුමුව දොර

වැලිකඩ බන්ධනාගාරය

රාජගිරිය

බත්තරමුල්ල

වැලිකඩ බන්ධනාගාරය

කැළණිය

ගංගාරාමය


(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ



අදහස් (1)

තැන තැන තොරණ:බැතිමතුන්ගෙන් කොළඹ පිරේ

Dinath Sunday, 07 May 2023 12:42 AM

ගොඩක් හොඳයි...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site