(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාන්තා නිලධාරිනියන්ට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි ආකාරයට යුද්ධ හමුදා කාන්තා බලකා නියෝග යාවත් කාලීන කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධව කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
කාන්තා නිලධාරිනියකට දැනට උපරිම අයුරින් ලබන්න හැකි වන්නේ මේජර් ශ්‍රේණිය පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබද පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතින් බැලුවාම නාවික හමුදාව ඉහළයි. දන්න විදියට නාවික හමුදාවේ නිලයන් අතරින් කොමදෝරු... කපිතාන්. කොමාන්ඩර් නිලයන් තියෙනවා. ඒවා පිළිවෙලින් යුද හමුදාවේ බ්‍රිගේඩියර්. කර්නල් ලුතිනන් කර්නල් නිලයන්ට සමානයි...!
ගුවන් හමුදාවේ නම් නිලධාරිනියකට ඉහළටම යන්න පුළුවන්...!
මේ කියන්නේ cadet entry නිලධාරිනියන් ගැන. ඔවුන් වසර 20ක උපරිම සේවා කාලයක් හෝ වයස 45න් විශ්‍රාම යායුතුයි. නමුත් direct entry එනම් වෘත්තිකයන් ලෙස එකවන නිලධාරිනියන්ට වයස 55 වනතුරු සේවය කල හැකියි. මේජර් ජනරාල් නිලය දක්වා යාහැකියි. හමුදා තුනේම පවතින නීතිය මෙයයි.