IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තහනම නොතකා යාපන සිසුහු මහවිරු සමරති

(රොමේෂ් මධුෂංඛ)

යුද සමයේ දී මිය ගිය මහවිරුවන් සිහිපත් කර යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසළකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) මහවිරු සැමරීමක් සිදුකර තිබේ.

යාපනය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදුකර ඇති අතර ඒ සඳහා විශ්ව විද්‍යාලයේ සිසුන් 50 දෙදෙනෙකු සහභාගී වී මහවිරුවනට පුෂ්පෝපහාර දක්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය  විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවකුට ඇතුළු විය නොහැකි බවටත් එසේ ඇතුළු වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානුකූල පරික්ෂණයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් අද දින එම තහනම නොසළකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාරකය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාව වීමද විශේෂත්වයකි.

පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුළ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ද පත්විය.

 



අදහස් (11)

තහනම නොතකා යාපන සිසුහු මහවිරු සමරති

sirimal Wednesday, 27 November 2019 09:00 AM

"එක රටක්. එක නීතියක්. ඔය සෙල්ලම් මාත් එක්ක බෑ" කියලා නේද කිව්වේ..? අපිත් හිතුවා ඇත්ත වෙන්න ඇති මේ කියන්නේ කියලා. දැන් බැලුවාම දෙකම එකයි වගේනේ...

:       533       379

රජින්ද Wednesday, 27 November 2019 09:05 AM

මොවුන්ට ඕනේ අලුත් ජනාධිපති සමග ගැටුමක් ඇතිකර ගැනීමටත් එය විදෙස් ප්‍රජාවට හුවා දක්වමින් මේ රටේ ජනාධිපතිවරයා සුළු ජාතීන්ට හිරිහැර කරන බවට ව්‍යාජ මතයක් ගෙන යන්නයි. මාර්තුවේ ආණ්ඩුව විසුරවා නව රජයක් ඇතිකර ගන්නා තෙක්, මේ අයියලාගේ සරඹ දෙස දයානුකම්පාවෙන් බලාසිටිමු...

:       63       163

dumindaWednesday, 27 November 2019 10:11 AM

මේ අයත් අපේ දරුවෝ නේද ? අනුකම්පාවෙන් බලමු.

:       40       9

eresh S kumara Wednesday, 27 November 2019 09:09 AM

ඒ කියන්නේ ජනාධිපති කියන දේවත් අහන්නේ නැති පාටයි

:       2       9

nihaal Wednesday, 27 November 2019 09:09 AM

මෙන්න ආයෙත් කොටි නැගිටිනවා. කෝ මේ අපේ රාවන බලය, අර සේනාව, මේ බලකාය ? රටකට ගිය කල කියලා කෑගැහුවා.

:       117       117

athula Wednesday, 27 November 2019 09:16 AM

මම හිතුවා විරු, මහාවිරු ගැන කතාවත් නොකරයි කියලා...

:       1       7

Muththa Wednesday, 27 November 2019 09:25 AM

කෝ මේ කස්ටිය. අනේ මේක යහපාලන කාලේ උනා නම් මේ අය කෑගහන තරම්.

:       19       26

sirisena Wednesday, 27 November 2019 09:45 AM

කෝ මේ විමල්වීරවංශ, ගම්මපිල?

:       7       139

ගගන Wednesday, 27 November 2019 10:35 AM

ඒ මිනිසුන්ගේ පවුල්වල නැතිවෙච්ච ආදරය මව්පියන් සහෝදර සහෝදරියන් සමරන එක වළක්වන්න කාටද අයිතියක් තියෙන්නේ? ඒ මිනිසුන් හමුදාවේ මෝටාර් වලට අහුවෙලා මරුනනම් ඒ මිනිසුන් ඒ මිනිසුන්ගේ ජාතියේ නිජබිමක් වෙනුවෙන් සටන් කළා. අපි කියන විදියට ත්‍රස්තයන් තමයි ඒ මිනිසුන්ට විරුවන් වන්නේ. නීති දැම්මට සිතුවිලි මරන්න පුලුවන්ද. අපි හැමෝමම මනුෂ්‍යයෝයි.

:       6       32

godfrey Wednesday, 27 November 2019 11:09 AM

එකම ශ්‍රී ලංකාවක් තුල, ජාතිය කුමක් උවත්, සැබෑ ලාංකිකයන් ලෙස ජිවත් වීමට නැවත උගන්වමු.

:       0       0

සුගත් Wednesday, 27 November 2019 11:50 AM

මුත්තාගේ කතාව ඇත්ත. වෙන පක්ෂයක ආණ්ඩුව කාලෙනම් දේශප්‍රේමීන් කෑගහන හැටි බලන්න තිබුණා. කෝ.. මේ දේශ ප්‍රේමියෝ...? ලංකා සී නිව්ස් ශබ්දයක් නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site