IMG-LOGO

තව බෝතල් ඔයාට එවන්නම්

2016-09-08-ent-132තරුණ රංගන ශිල්පියෙක් මෑතකදී අලුත් පෙමක පැටලිලා. කෙල්ල හැම ක්ෂේත්‍රයක් ගැනම හොඳින් දැනුම්වත්ලු.

කොල්ලත් කෙල්ලට පණ වගේ. කිසි දෙයක් හංගන්නෙ නැහැ. කොටින්ම කියනවනම් කොල්ලගෙ ජංගම දුරකථනයත්, ඒ දෙන්න මුණගැහෙන වෙලාවලදී තියෙන්නෙ කෙල්ලගෙ අතේ.

ඔන්න දවසක් කොල්ලගෙ ෆෝන් එක කෙල්ලගෙ අතේ තිබුණ වෙලාවක ඔහුට එස්.එම්.එස්. පණිවිඩයක් එනවලු මෙහෙම කියලා, පිටරට නොම්මරයකින්.

“මල්ලි මම එවපු බෝතලේ ලැබුණද? මම තව බෝතල් වගයක් හෙට අනිද්දට එවන්නම්.’’

කෙල්ලට ඒක ලොකු ගැටලුවක්. “ඔයා බොන්නෙත් නැහැයි කියනවා. ඒත් යස අගේට යාළුවො ඔයාට බෝතල් එවනවා. අනේ මම ඔයාව හරියට තේරැම් අරගෙන නැද්ද මන්දා?” කෙල්ල කිව්වලු.

“අනේ ඔයා ඕකට කලබල වෙන්න එපා. ඒ සිංගප්පූරැවෙ ඉන්න මගේ හොඳ යාළුවෙක්. මම පාවිච්චි කරන සුවඳ විලවුන් බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් එක තියෙන්නෙ එහෙ. ඉඳලා හිටලා ලංකාවට කවුරුහරි එන වෙලාවක මට ඒ සුවඳ විලවුන් බෝතලයක් එවනවා. ඔයා හිතන විදිහෙ බොන බෝතල් නෙවෙයි.” ඔහු කිව්වලු.

 

DESHAYA



අදහස් (0)

තව බෝතල් ඔයාට එවන්නම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site