IMG-LOGO

තව තරුණයෝ 30ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති

දින දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරුණයෝ තිස් දෙනෙක් එරට ආගමන විගමන නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් කටුනායකින් දිවයිනට ගෙනඑනු ලැබූහ. ඕස්ට්‍රේලියා සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දූපත් කඳවුරුවලට යැවීමේ නව ආගමන විගමන පිළිවෙත ඇරැඹුවේ අගෝස්තු 31 වැනිදාය. එතැන් සිට නාවුරු යාම ප්‍රතික්ෂේප කළ ලාංකිකයෝ 196 දෙනෙක් පිටුවහල් කරනු ලැබ ලංකාවට පැමිණියහ. ඕස්ට්‍රේලියා රජය මගින් දෙනු ලබන රුපියල් හාර ලක්ෂ තිස් දහසක මුදල හෝ සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය දෙනු ලබන කිසිදු වරප්‍රසාදයක් මේ පිරිසට හිමි නොවේ. රාජ්‍ය බුද්ධි සේවා ඒකකය කරන ලද විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබූ මේ පිරිස අධිකරණයට ඉදිරිපත් කැරිණි.



අදහස් (0)

තව තරුණයෝ 30ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති

චතූ Friday, 09 November 2012 09:40 AM

මේ අයගෙ තරුණ ශ‍්‍රමය තරුණ ජවය ප‍්‍රතිචක‍්‍රීකරණය කරලා යාපනේ පැත්තෙ වගාබිම් වලට දාන්න පුලුවන්නෙ (ස)

:       0       0

සිරි Thursday, 08 November 2012 10:56 PM

අපේ රට පාලනය කරන අය පොඩ්ඩක්වත් හිතලා බලලා තියෙනවද මොන හේතුවක් නිසාද මේ අය මේ විදියට දිවි පරදුවට තබා සරණාගතයින් විදියට වෙන රටවලට යන්න උත්සාහ කරන්නේ? අපේ රටේ තියෙන රැකියා ප්‍රශ්න ජීවත්වීමට තියෙන අමාරුව සහ රටේ තියෙන දුෂණය මින් ප්‍රධාන දේවල් හැටියට සළකන්න පුළුවන්. ඒවාට විසදුමක් සපයනකල් තව ඉදිරියටත් මේ වගේ දේවල් සිදුවේවි . රට දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

අශාන් Friday, 09 November 2012 12:49 AM

අපේ රටේ ගෞරවය රකින මේ අයව සාදරයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

ඩොන් Friday, 09 November 2012 02:27 AM

කරුණාකර බෝට්ටු වලින් පැමිණෙන්න එපා. (නි)

:       0       0

පෙරේරා Friday, 09 November 2012 09:36 AM

ලංකාවට එන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site