(නුවන්කුමාර)
තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි.
මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකුට ඊට ඇතුළත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ,ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරා ඇතුළු වේ.
කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබිණි.
මේවන විට තලාව,මොරගොඩ,එප්පාවල,කටියාව,කැළේ සියඹලෑව,ඇදගල,නල්ලමුදාව ,තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද දිසානායක මහතා පැවසීය.
මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව, නාච්චාදුව, යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලාව ප්‍රා.සභාපති ඇතුළු විසිඅටකට කොරෝනා:සභාවත් වසයි