
තමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ අද (10) චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
තමිල්නාඩු ප්‍රන්ත මැතිවරණයෙන්, ජෝෂප් විජේගේ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය ආසන 108 දිනා ගත් අතර, බහුතර බලය සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 10 ක අඩුවක් පැවැතිණි.
තමින්ලාඩු කොංග්‍රස් පක්ෂයේ සහාය විජේ සහ ඔහුගේ පක්ෂයට හිමිවුවත්, බහුතරය ලබා ගැනීමට නොහැකි විය. කොංග්‍රස් පක්ෂය සතුව ඇත්තේ ආසන පහකි.
තමිල්නාඩු කොංග්‍රසය යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයයි.
වාමාංශික පක්ෂ සමග මෙන්ම ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් සමග වට හතක සාකච්ඡාවලින් පසු තමන්ට රජයක් පිහිටුවීමට හැකි බව විජේ පෙන්වා දුන්නේය. වාමාංශික පක්ෂ විජේ සමග සන්ධානගත වීමත් සමග තවත් ආසන 4 ක් විජේ සහ ඔහුගේ පක්ෂයට හිමිවිය.
ඊයේ (9) දිනය වනවිට තවත් වාමාංශික පක්ෂ කීපයක් ද විජේ සමග අත්වැල් බැඳගත් අතර, මේ වනවිට පක්ෂපාතී සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120 ක් යැයි පැවැසෙයි. තමිල්නාඩු මුස්ලිම් ලීගයේ සහාය ද විජේට හිමිවිය.
විජේ තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දෙන්නේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලපත් විජේට ජයවේවා!