IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි

 (නාඋල ඉන්දික අරුණ කුමාර සහ දඹුල්ල කාංචන ආරියදාස)

අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.

ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හා තෙල්ගමු ඔයේ ජලය බොරවී තිබීම මෙහෙයුම් කටයුතු වලට බාධාවක් වී තිබේ.
මේ වනවිට මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුධහමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිටිති.

තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ඊයේ (04) අතුරුදන් වු පිරිස අතරින් තවත් සිව්ි හැවිරිදි කුඩා කුඩා දැරියක්  අද උදෑසන සොයාගනු ලැබීය.

තෙල්ගමු ඔයේ වැද්දාපැණි ඇල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වු මෙම පිරිස අතරින් අද (05) සොයාගත් මෙම දැරියගේ සිරුර හමුවී ඇත්තේ දියේ ගිලුණු ස්ථානයේ සිට කිලෝමීටර් 04 ක පමණ දුරකින් පිහිටි ප්‍රදේශයක රැදි තිබියදීය.

ඊයේ (04) දියනෑම සඳහා පැමිණි 12 දෙනෙකුගෙන් යුත් පිරිසෙන් දිය පහරට අසුවී 8 දෙනෙකු අතුරුදන් වූ අතර සිවි දෙනෙකු දිවි ගලවා ගෙන තිබේ.

ඊයේ සවස් වන විට මල සිරුරු 5 ක් සොයාගත් අතර අද හමුවූ මල සිරුරත් සමඟ එම සංඛ්‍යාව 6 දක්වා ඉහළ යන අතර සෙවීමට ඉතිරිව ඇත්තතේ තවත් පුද්ගලයින් දෙදෙනෙක්  පමණක් බව මෙහෙයුමට එක්වී සිටින ආරක්ෂක අංශ සඳහන් කළේය.

(ඡායාරූප - නාඋල ඉන්දික අරුණ කුමාර)



අදහස් (3)

තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි

නිශාන්ත Sunday, 05 November 2017 09:03 AM

අපේ රටේ මිනිස්සු මෙහෙම තමයි

:       0       11

dhamneth Sunday, 05 November 2017 09:31 AM

දිය නෑමට ආරක්ෂිතම ස්ථාන තමයි නාන කාමර හා නාන ළිං.කොහේ ගියත් දියනෑමට මේ දෙකෙන් එකක් භාවිතා කරන්න අනුන්ගේ වැරදි වලින් තමන් පාඩම් ඉගෙනගන්න.

:       0       63

wasantha Sunday, 05 November 2017 09:43 AM

මෙවැනි දුක්ඛ දායක සිද්ධීන් අසන්නට නොලැබේවා !!! මේ මිය ගිය අයට අපි නිවන්සුව පතමු.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site