IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තෝරා 280ට බහී

මුහුදු මාළු මිල පහත වැටීම නිසා ධීවරයනට යන එන මං නැති වී යැයි මිරිස්සේ ධීවරයෝ අද මිරිස්ස ධීවර වරාය අසල උද්ඝෝෂණයක් කළහ. මාළු මිල වැඩි කරන්නැයි ඔවුහු ඉල්ලති. කොළඹ වෙළෙඳුන් මාළු මිලට නොගන්නා බව ද ඔවුහු කීහ. මාස හයකට පෙර රුපියල් 340ක් වූ බල මාළු කිලෝව අද රුපියල් 80 දක්වා ද, රුපියල් 500ක් වූ කෙලවල්ලා රුපියල් 180ක් දක්වාද, රුපියල් 580ක් වූ කොප්පරා 280 දක්වා ද, රුපියල් 650ක් වූ තෝරා කිලෝව රුපියල් 280 දක්වා ද පහත වැටී ඇත.



අදහස් (0)

තෝරා 280ට බහී

සෙනෙරත් Friday, 26 October 2012 05:18 PM

කවුරුත් කතා නවත්වලා මේ මාළු කරවල වේලුවොත් හොඳ නැද්ද ?? (ස)

:       0       0

චමින්ද Friday, 26 October 2012 10:45 AM

අනේ කොහේද ආ….ඔය? ඉක්මනට යන්න ඕනෑ මාලු ටිකක් ගන්න. (නි)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 08:32 PM

ඉල්ලුමේ හැටියට තමයි මිල තීරණය කරන්නේ ,උද්ඝෝෂණ කරා කියලා මාළු වලට ස්ථාවර මිලක් ලබා දෙන්න බෑ (ස)

:       0       0

ගෝතමී Thursday, 25 October 2012 03:55 PM

අප්පෝ උඹලගේ තියන බඩජාරි කම... පවු අහිංසක සත්තු. කාපල්ලා කාපල්ලා ලෝක විනාසේ අත ළගයි. ඒකයි මාලු මුහුදේ ඉන්න බැරුව ගොඩට එන්නේ. මාලු නම් ගොඩටවත් ආවා. ඒත් ඔහේලට යන්න අපායවල් හොයාගන්න වෙයි . (නි)

:       0       0

යසින්ත Wednesday, 24 October 2012 03:25 PM

නොවැම්බර් අග වෙනකල් මාලු මිළ බැහැලා තිබුණොත් ඉතා හොදයි.ගෙදරට ඇවිල්ලා හොද තෝර හොද්දක් කන්න පුලුවන්. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 24 October 2012 03:39 PM

හරියට මාළුන්ට කිරි දීලා කවල පොවලා හදනවා වගේනේ කතාව. මේ මිල ජනතාවට හොඳයි (ස)

:       0       0

කැස්පර් Wednesday, 24 October 2012 03:32 PM

ඔය මාළු කොහෙද තියෙන්නේ දන්නේ නෑ . ඔය ගණන්වලට අනුරාධාරපුරේ පැත්තේනම් නෑනේ (ස)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 03:35 PM

අපි ‍තෝරා මාළු කෑල්ලක් කන්න හිතන් ගන්න ගියාම කිලෝව රු.1000 යි. අපේ ඇඟේ මාළු රත්වෙනවා ගාණ ඇහුවම.හිතාගන්න බෑ මේ උද්ඝෝෂණ ඇත්ත ඒවද කියලා. (ස)

:       0       0

උවින් Wednesday, 24 October 2012 03:54 PM

ලක්ෂ්මන්, ඔයාගෙ කතාව නම් මසුරන් වටිනවා. තෑග්ගක් හැටියට මාලු කූරියෙක් දෙන්නම්. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 24 October 2012 04:09 PM

සන්සුන්වන්න, මේ දිනවල මේ පළාතේ මාළු වර්ෂාවක් ඇදහැලෙනවා.මේ හේතුවෙන් මාළු මිල පහළ ගියා.මාළු වර්ෂාව නැවතුණ ගමන් මාළු මිල නැවත ඉහළ යාවී. ටික දිනකට දුප්පත් පාරිභෝගිකයාට අඩු මිලට මාළු කන්න පුළුවන්. (ස)

:       0       0

හේමන්ත Wednesday, 24 October 2012 04:10 PM

උපන් දවසෙ ඉදලා මාලු අල්ලන එක කළත් වැඩිපුර මාලු කල්තබාගන්නා ක්‍රමයක් තවමත් දන්නෙ නැහැ. හැමදේටම ආණ්ඩුවම පළි නැහැ. (නි)

:       0       0

වජිර Thursday, 25 October 2012 11:24 PM

අහිංසක මාලු මරාගෙන කන්න තියෙන කෑදරකම? ලැජ්ජයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 24 October 2012 11:33 PM

ශක්තිමත් රජයක් ඇති කල සියලු බඩු වල අඩුවේය මිළ.... (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:51 PM

ඔන්න දැන් තමයි තෝරු, මෝරු, පොකිරිස්සෝ අපේ දුකසැප විමසන්නේ.... (නි)

:       0       0

රසිකා Thursday, 25 October 2012 01:00 PM

ධිවර ආම්පන්න වල ගණන් ලක්ෂ්මන් දන්නවද? තෙල් නිකන් දෙනවද? (නි)

:       0       0

වසන්ත Wednesday, 24 October 2012 04:44 PM

මේ වගේ මිළක් හැමදාම තියෙනවා නම්..... (නි)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 04:47 PM

රට වටේම මුහුද තිබියදී මාලු මිළ මීට වැඩිය අඩුවිය යුතුයි. (නි)

:       0       0

සම්පත් Thursday, 25 October 2012 07:20 AM

මුහුදු ගිහිල්ලා නිකන් අල්ලගෙන එන මාලු ටිකටත් සද්දේ දානවා. (නි)

:       0       0

මංජුල Thursday, 25 October 2012 08:35 AM

අපිටත් ටිකක් සහනයක් වෙන්න මාලු මිළ අඩුකරන එක හොදයි. මාලු කට්ටිය හැමදාම කරන්නේ අපේ මාලු කන එකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site