
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි ඩි.එච්.චමුදි විදර්ශන නැමති තරුණියකි.
මව පියා හා එක් සොහොයුරීයක් පමණක් සිටින පවුලක වැඩිමහල් දියණීයක් බව කියයි. ඇය අපොස උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති බව කියයි.
මරණයට පත් තරුණීය අපොස උසස් පෙළ හැදැරිමේන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක් බව කියයි.
සතියෙ දින පහම කුරුණෑගල නගරයෙ පැවති උසස් අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ධ වන බවත් ඊයේ (25) දින සවස නිවසට පැමිනිමේන් පසු පියා විසින් රැගෙන විත් තිබු එළවළු රොටියක් පමනක් ආහාරයට ගෙන රාත්‍රි ආහාර ගැනිමට නොහැකි බව පවසමින් නින්දට ගොස් ඇති බව කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.