IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි

(රන්ජන් කටුගම්පොල)

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා  අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කර රිමාන්ඞ් ගත කිරීම තුළින් අනුරාධපුර පොලිස් නිලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධයෙන් සැරයන්වරුන් දෙදෙනකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි සහ රුපියල් 25000 බැගින් නඩු ගාස්තු  ගෙවන ලෙස නියෝග කළේය.

අනුරාධපුර, මීගොඩවැව ප‍්‍රදේශයේ පදිංචි සචිත්ත ප‍්‍රභාත් විජේරත්න නමැති තරුණයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක්  ප‍්‍රකාශයට පත් කළහ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අනුරාධපුර පොලිසියේ පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරින් නම් කරනු ලැබ ඇත.

අදාල වන්දි මුදල් මසක් ඇතුළත ගෙවන ලෙසද විනිසුරු මඩුල්ල නියෝගය කළහ.

 



අදහස් (4)

තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි

බකල ජයා Thursday, 13 February 2025 11:04 PM

හොඳටම මදි. අඩුම ගණනේ එක්කෙනෙකුගෙන් ලක්ෂ දහයක්වත් දඩ අයකරලා දෙන්න තිබුණා. වදහිංසාවලට ලක්වීම අතිශයින්ම කෲර, අවමන් සහගත, ආත්ම අභිමානය විනාශ කරන සිදුවීමක් නිසා මොවුන්ව රැකියාවෙන් ඉවත් කරලා, සිර දඬුවමක් දිය යුතුමයි. එක වැරැදිකාරයෙකුට නම් ස්වභාවික දඬුවමක් හිමිවෙලා කියලා ආරංචියි.

:       0       27

udara Friday, 14 February 2025 08:54 AM

හොද වැඩේ ලක්ෂයක් නෙමේ ලක්ෂ 10ක් වත් ගෙවන්න කියන්න තිබුණේ. නියම කුඩුකාරයෝ රකින්න අහිංසකයෝ අල්ලන කාලකන්නි.

:       0       27

Vihanga Friday, 14 February 2025 11:00 AM

අපරාදේ ලක්ෂයක් මදි. ලක්ෂ 100 ක් වත් ගෙවන්න නියෝග කරන්න තිබුණෙ. නඩු ගාස්තු ලක්ෂ 25 ක් වත් ඉඩම් ගෙවල් විකුණලා ගෙවලා පාරට බහින්න සිද්ධ වෙන්න

:       2       25

RS Saturday, 15 February 2025 09:35 AM

වන්දිය සාධාරණ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 608 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1714 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site