අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම ජනවාරි 03 වැනිදා විභාගයට නියම කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කළේය. විභාගය අවසන් වනතුරු පැමිණිලිකාරිය (අග විනිසුරුවරිය) පීඩාවට පත් වන කිසිවක් නොකරන ලෙසත් වගඋත්තරකරුවනට දැන්වීය. එස් වී ස්කන්ධරාජා (සභාපති), ඒ ඩබ් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි. අග විනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කතානායක චමල් රාජපක්ෂ මහතාට සිය තීන්දුව පසුගිය දා බාර දුන්නේය. කමිටු සභාපතිවරයා වූයේ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාය. කමිටු තීන්දුව බාර දෙන විට විපක්ෂයේ සාමාජිකයන් තුන්දෙනා කමිටුව අපක්ෂපාතී නොවේ යැයි පවසමින් ඉන් ඉවත්ව ගොස් සිටියේ. කමිටුව පත් කළ කතානායක චමල් රාජපක්ෂ මහතාට ද, කමිටු සාමාජිකයන් 11 දෙනාට ද නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තේරීම් කාරක සභාවට නොතීසි
ඉසුරු Friday, 21 December 2012 03:30 PM
විනිසුරු මඩුල්ලට සැමගේ ප්‍රණාමය! (නි)
රණරාල Friday, 21 December 2012 03:32 PM
විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණය හෑල්ලුවට පත්කිරීමේ ප්‍රතිපල මින් පෙරදී බොහොමයක් රටවල් විසින් උදාහරණ ලබාදීලා තිබෙනවා. දැන්වත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩයස්පෝරා , එන්ජීඕ මුදල් වැනි විහිළු නවත්වලා කතිකාවකට පිවිසෙමු. මේක අපි වෙනුවෙන් කරන ආයාචනයක්. නැතිනම් මහජනතාව විසින් දරුණු තීන්දු ගනීවි. (නි)
චන්ද්‍රා සිඩ්නි Friday, 21 December 2012 03:41 PM
අ/විනිසුරුට තනතුරේ ඉන්නවාට විරුද්ධව නඩුවක් දාන්න කවුරුත් නැද්ද?(නු)
සුසිල් මිලානෝ Friday, 21 December 2012 03:49 PM
මේ සියලු ගැටළු වලට හේතුව විධායකය, අධිකරණය, ව්‍යවස්තධායකය අතර අන්‍යොන්‍යය අවබෝධයෙන් වැඩ නොකිරීමයි. බටහිර දේශපාලනික න්‍යායවල් බොහෝමයක ඔය අවුල් තියෙනවා. හොදම දේ අපිට ගැලපෙන ක්‍රමයක් හදා ගැනීමයි. (ස)
ඉන්ද්‍රජිත් Saturday, 22 December 2012 09:03 AM
රණරාළ සහ සුසිල්ගේ අදහස් විශිෂ්ටයි. තිබෙන ලොකුම ගැටලුව වන්නේ, 'අපට' ගැලපෙන ක්‍රමයක් හදන්න යන හැමෝම 'මට' ගැලපෙන ක්‍රමයක් හදාගෙන එය කොහොම හරි සම්මත කර ගැනීම නේද? (ස)
තිළිණ Friday, 21 December 2012 04:17 PM
නීතියට ගරු කරන රටක් හදමු (ස)
අසන්ක Friday, 21 December 2012 04:47 PM
ඔය කට්ටිය උසාවියට ආවොත්..... අන්න එදාට මම කියන්නම් කියන්න ඕනෑ දේ. (නි)
බන්දුල Friday, 21 December 2012 05:10 PM
මේ ක්‍රමයේ යම් ප්‍රශ්නයක් ඇති බව අපට පෙනෙනවා. (නි)
ලලිත් - කටාර් Saturday, 22 December 2012 11:34 AM
විනිසුරුවරුනි, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සැමදාම නොසැලී තිබිය යුතුයි. එය කිසිවෙකු ඉදිරියේ හිස නොනැමිය යුතුයි. (නි)
රජිත Saturday, 22 December 2012 12:11 PM
අපේ රට බෞද්ධ වුණත් අටලෝ දහම පිළිබදව කිසිවෙකුටවත් දැනීමක් නැතුවා වගෙයි. (නි)
සදුන් Friday, 21 December 2012 12:22 PM
පාර්ලිමේන්තුවට කිසිවෙකුටවත් නියෝග කළ නොහැකි බව මගේ හැගීමයි. (නි)
වරුණ Friday, 21 December 2012 12:24 PM
ජර මර අස්සේ බර කරත්ත කිව්වලු (ස)
විපුල Friday, 21 December 2012 12:32 PM
දැන් ඔන්න අර මහත්තුරු ටික කියයි " අපි උත්තරීතරයි " කියලා .... (නි)
යසිරු Friday, 21 December 2012 12:35 PM
නියමයි..!(නු)
බුද්ධි Friday, 21 December 2012 12:40 PM
නියමයි..!(නු)
සාලිය Friday, 21 December 2012 12:47 PM
අභියාචනාධිකරණයට පින් සිදුවේවා! (නි)
අමිල Friday, 21 December 2012 12:48 PM
ැදන් බලමු එයාලා උසාවි එයිද කියලා. (නි)
නලින් Friday, 21 December 2012 12:46 PM
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..!(නු)
මුණසිංහ Friday, 21 December 2012 12:47 PM
ඕවයින් වැඩක් වෙන එකක් නැහැ..!(නු)
චාන්දී Saturday, 22 December 2012 02:51 PM
දැන් මාතෘකාව ලෝක විනාසය එක නොවෙයි (දී)
සකු Saturday, 22 December 2012 02:54 PM
දැන් ඉතින් උත්තර දෙන්නකෝ (දී)
වසන්ත Friday, 21 December 2012 01:05 PM
දැන් මේක හරියට තරගයක් වගේ වෙලා. (නි)
දිනේෂ් Friday, 21 December 2012 01:06 PM
විශිෂ්ටයි. (නි)
පොඩිරත්න Friday, 21 December 2012 01:23 PM
ප්‍රජාතන්ත්‍රවාදය ජය වේවා..!(නු)
ග්‍රිෂාණි Friday, 21 December 2012 01:23 PM
දෙගොල්ලො දෙපැත්තේ නඩු අහනවා. අපි මොකද කරන්නේ? (නි)
රෝහණ Friday, 21 December 2012 02:14 PM
නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ..!(නු)
සුමිත් Friday, 21 December 2012 02:10 PM
මේක දැන් අපිට පෙනෙන්නේ බර අරගලයක් වගෙයි. (නි)
සමන් Friday, 21 December 2012 02:11 PM
පාර්ලිමේන්තුවට කිවුවා නේද අධිකරණයට ඇගිලි ගහන්න එපා කියලා සමහරු? එතකොට මේ දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
උපුල් Friday, 21 December 2012 02:24 PM
බොහොම හොදයි. (නි)
සිල්වා Saturday, 22 December 2012 03:33 AM
සෑම නියෝජිතයකුගෙන්ම ප්‍රශ්න කලයුතුයි (දී)
ලලිත් Friday, 21 December 2012 02:59 PM
ඉතාම නිවරදි තින්දුවකි. (ස)
සකු Saturday, 22 December 2012 04:09 AM
100% හරි කල වැඩේ (දී)
ලාල් Friday, 21 December 2012 03:09 PM
මේක දැන් ඇති වී තිබෙන නවතම ප්‍රශ්නයකි. (නි)
රත්න Friday, 21 December 2012 03:21 PM
යමු, යමු. ඔහොම යමු. (නි)
නිලන්ත Friday, 21 December 2012 03:25 PM
එහෙම කොහොමද? ඒ අය උත්තරීතර පිරිසක්. (නි)