IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


තිරප්පනෙන් පොහොට්ටුව ඉවත් කිරීමට එරෙහිව උසාවි යයි

(දයාරත්න ඇඹෝගම)
 
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.

තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් අද (22) කළ විමසුමේදී මෙසේ පැවසීය.

පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනේ සහ දිනයේ දෝෂයක් නිසා මේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව අනුරාධපුර තේරිම්භාර නිලධාරයා ප්‍රකාශ කළේය.

තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රයේ මහ ලේකම්වරයාගේ අත්සන යොදා තිබෙනවා. වර්ෂය යොදා තිබෙනවා. මාසය යොදා තිබෙනවා. දිනය පැහැදිලි නැහැ කියලා තමයි ප්‍රතික්ෂේප කළේ.

මෙයින් පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ටයි අගතියක් කළේ. එම නිසා මීට විරුද්ධව අධිකරණයට පැමිණිලි කිරිමට සියලු කටයුතු පක්ෂය විසින් තිරණය කොට තිබෙනවා.

තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය නැවත බල සහිත කර ගනිමින් තිරප්පනේ සියලු ආසන දිනා ගන්නා බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.



අදහස් (9)

තිරප්පනෙන් පොහොට්ටුව ඉවත් කිරීමට එරෙහිව උසාවි යයි

පිටිගල මිලානෝ Friday, 22 December 2017 10:16 AM

සුමනේගෙන් හෝ ඉන්දිකගෙන් වෙලාවක් බලලා පටන් ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ.

:       69       53

Prase Friday, 22 December 2017 10:44 AM

ඇතැම්විට ඔහු හෝ ඇය දන්නේ නැහැ කොහොමද අත්සන සහ දිනය දාන්නවත්... එම නිලධාරීන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කළ යුතුයි.

:       92       180

dahamFriday, 22 December 2017 11:56 AM

ඒ නිලධාරියාගේ ඇස් පේනවා මදි ඇති. දිනය හරියට දැක ගන්න බැරිවෙලා තියෙන්නේ එ්කයි. මේක මහා විහිළුවක්. බාල බොළඳ වැඩක්.

:       135       235

priyankara Friday, 22 December 2017 02:44 PM

නාමයෝජනා පත්‍රයක්වත් හරියට දිනාගන්න බැරි අයද රටේ අනාගතයට ගම හදන්න යන්නේ...?

:       247       174

ruwan Friday, 22 December 2017 02:52 PM

පොහොට්ටුවට පුදුම බයක්නේ තියෙන්නේ. බොරු වරදක් හරි දාලා නාමයෝජනා නොදී ඉන්නමයි බලන්නේ...

:       912       678

sanath Friday, 22 December 2017 03:56 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ...

:       0       24

saman Friday, 22 December 2017 10:08 PM

රුවන් ඔයාගේ මොලේ ප්‍රශ්නයක්ද? පොහොට්ටුවේ නොහැකියාව කණපිට පෙරලන්නද හදන්නේ? අපි ඡන්දෙදි බලමු...

:       2       124

sanath Friday, 22 December 2017 11:47 PM

මැතිවරණ කොමිසමට තිබෙන නීතියටයි.. ඔවුන් කටයුතු කරන්නේ.. යම් කිසි වරදක් නාම යෝජනාවල තිබ්බොත් එ්ක නොදැක්කා සේ ඉන්න බැහැ.

:       21       118

Bamunuarachchi Thursday, 28 December 2017 03:30 AM

පොහොට්ටුව්යි, අලියයි, අතයි, සීනුවයි අරකයි මේකයි ගැන සිතන්නේ නැතුව කරනවායි කියනදේහෝ කරන්න බලාපොරොත්තුවන දේගැන එතරම්ම විස්වාස නොකර මේ අවුරුදු 3 ට රටට උන සේවය, පොදුවේ ජනතාවට උන සේවය, සැලකුවේ කවද කියා සොයා බලන එකය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13819 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site